යේමනයේ ගැටුමකින් 43 ක් මරුට

Monday, 20 July 2015 - 8:15

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+43+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හවුති කැරළිකරුවන් සහ යේමන රජයේ හමුදා අතර ඒඞ්න් නගරයේදී ඊයේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 120 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යේමනයේ සුප්‍රසිද්ධ වරාය නගරයක් වන ඒඞ්න් හි වැඩි ප්‍රදේශයක බලය මේ වනවිට එරට හමුදා අත්පත් කරගෙන තිබෙනවා. හවුති කැරළිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් මෙලෙස තුවාල ලැබූ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ වනවිට සවුදි රජය ගුවන් ප්‍රහාර මගින් යේමනයේ රජයේ හමුදාවලට සිය සහය පළ කරමින් සිටිනවා. හවුති කැරළිකරුවන් ඒඞ්න් වරාය නගරය සිය භාරයට ගනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේ දියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories