වත්කම් බැරකම් නැත්නම් අපේක්ෂකයන්ට හැඳුනුම්පත් නැහැ

Monday, 20 July 2015 - 19:23

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදෙන පුද්ගලයින්ට අපේක්ෂක හැඳුනුම්පත් නිකුත් නොකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඔහු ඒ බව කියා සිටියේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පක්ෂ ලේකම්වරුන් අද (20) පෙරවරුවේ හමුවෙමින්. මෙම අවස්ථාවට මැතිවරණ නිරීක්ෂකයන් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් එක්ව සිටියා. මැතිවරණ කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයන් පොලීසිය දන්නා නමුත්, නවක අපේක්ෂකයන් හඳුනා ගැනීම සඳහා මෙම හැඳුනුම්පත උපකාරී වනු ඇති බවයි.

ඊට අමතරව මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකුට තමන් පදිංචි නිවසේ හැර සෑම ආසනයකටම එක් ඡන්ද කාර්යාලය බැගින් පිහිටුවීමට ද මැතිවරණ කොමසාරිස්වරයා අද අවසර ලබාදුන්නා. ඒ, දේශපාලන පක්ෂ ලේකම්වරුන් කොමසාරිස්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි. මැතිවරණ පනතට අනුව අපේක්ෂකයෙකුට තම නිවසේ පමණක් පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යාමට අවසර හිමි වුණා.

කිසියම් අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් 15 දෙනෙකුට එම අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම සදහා නිවෙස්වලට යාමට පැවති සීමාව ද මැතිවරණ කොමසාරිස්වරයා වෙනස් කර තිබෙනවා. ඒ අනුව කිසියම් අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් 25 දෙනෙකුට මෙලෙස නිවෙස්වලට යාමට අවසර හිමි වනු ඇති.

ඇතැම් අපේක්ෂකයන් මුදල් ගෙවා විශාල නිළ වාහන සංඛ්‍යාවක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගන්නා බවට පැෆ්රල් සංවිධානය අද පැවති සාකච්ඡාවේදී මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කළා. එහිදී කොමසාරිස්වරයා කියා සිටියේ මුදල් ගෙවා වුවද රජයේ මැති ඇමතිවරුන්ට පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කළ හැක්කේ නිළ වාහන 3ක් බවයි.

ඊට අමතරව ඔහුගේ ඡන්ද ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය සදහා එක් නිළ වාහනයක් භාවිතා කළ හැකි වනවා. මැති ඇමතිවරුන්ට අනවශ්‍ය ලෙස රජයේ වාහන භාවිතා කළ නොහැකි බව ද කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කළා.

මේ අතර, මේ මස 20 වන දා සිට අගෝස්තු මස 20 වන දා දක්වා කාලය තුළ බල පැවැත්වෙන පරිදි අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට නිළ වාහන මුදල් ගෙවා භාවිතා කළ හැකි බවට ජනාධිපති ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා. මීට අමතරව මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය ආයතනයන්හි බදවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ මාරු කිරීම් මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස්වලට අනුකූලව සිදුකරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories