ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා නැවතත්

Tuesday, 21 July 2015 - 8:17

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට නතර වී ඇති ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා යළි ආරම්භ කළ යුතු බව දෙපාර්ශවයේ ධීවර සංගම් නියෝජිතයන් පවසනවා. මෙරට ධීවර සංගම් නියෝජිත පිරිසක් ඉන්දියාවේදී එරට ධීවර සංගම් නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරුණා. තමිල්නාඩුවේ ජාතික ධීවර සේවක සංගමයේ සභාපති එම්. ඉලංගෝ ප්‍රකාශ කළේ දෙරට අතර ධීවර සාකච්ඡා යළි ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ඉන්දීය විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන බවයි. ධීවර සංගම් නියෝජිතයන් අතර නිළ මට්ටමින් පැවැත්වෙන එවැනි සාකච්ඡාවකදී දෙපාර්ශවයට බලපාන ගැටළු පිළිබඳව තිරසාර කඩිනම් විසඳුම් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මෙහිදී මෙරට ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර කියා සිටියේ ධීවර සංගම් අතර සාකච්ඡා ආරම්භ විය යුතු සේම ඒ පිළිබදව දෙරටේ රජයන් ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි. දෙපාර්ශවයේ ධීවරයන් අතර මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ද ඒ සදහා ගිවිසුමක් සැකසිය යුතු බව ඔහු සදහන් කළා. ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු තීරයේ මසුන් මැරීම සඳහා අවස්ථාව ලබා දිය යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා. එහිදී ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර සදහන් කළේ තමිල්නාඩුවේ සිට ධීවර ධීවර යාත්‍රා 2000ක් පමණ ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීමෙන් මෙරට ධීවරයන්ගේ ජීවිකා වෘත්තිය තර්ජනයට ලක් වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories