සජින් වාස්ට නින්දේදී හුස්ම ගැනීමේ අපහසුතාවක්ලු

Tuesday, 21 July 2015 - 13:11

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A++%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%94
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23 ක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සජින් ද වාස් ගුණවර්ධන යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ අද (21) මෙම නඩුව කැදවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු මන්ත්‍රීවරයා ලබන මස 04 වැනිදා දක්වායි යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

 සජින් වාස්ට ඇප ලබාදෙන ලෙසට ඔහුගේ නීතීඥවරුන් අද දිනයේද අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් විනිසුරුවරයා එම ඇප ඉල්ලූම්පත ප්‍රතික්ෂේප කළා.

සජින් වාස් හිටපු මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයාට නින්දේදී හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින බවයි. දැනට ඔහු මාස 3කට අධික කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර, මෙම නඩුවේ විමර්ශන කටයුතුවලට ගත වන කාලය අවිනිශ්චිත බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙස නීතිඥවරුන් තවදුරටත් ඇප අයදුම්පත මගින් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ කියා සිටියේ මොහුගේ රෝගී තත්ත්වය පිළිබදව ලබාදී ඇති වෛද්‍ය වාර්තාවෙහි විත්තිකරුට ජීවිත තර්ජනයක් ඇති බවට තොරතුරු නොමැති බවයි. එමෙන්ම මොහුට එරෙහිව සිදුකෙරෙන විමර්ශන කටයුතු සදහා ගත වන කාලය ඇප ලබාදීමට අදාළ වන කරුණක් නොවන බව ද විනිසුරුවරයා මෙහිදී කියා සිටියා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ ජනාධිපති කාර්යාලයට අයත් වාහන 23ක් සාපරාධි සාවද්‍ය පරිහණය කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ මැයි මස 11 වැනිදායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories