සයනයිඞ් කරල් 75ක් සමග හිටපු කොටියෙකු අත්අඩංගුවට

Tuesday, 21 July 2015 - 13:25

%E0%B7%83%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%9E%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+75%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සයනයිඞ් කරල් 75ක් සහ සයනයිඞ් ග්‍රෑම් 300ක් සමග  හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු තමිල්නාඩුවේ උචිපුල්ලි ප්‍රදේශයේ දී ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ළඟ තිබී මාර්ග ගවේෂණයට උපකාරී වන ජී.පී.එස්. උපකරණ 4ක් සහ ජංගම දුරකථන 7ක් ද සොයාගෙන ඇති බවයි හින්දු පුවත්පත වාර්තා කළේ.

මෙලෙස සයනයිඞ් සමග  එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සොයා ගැනීමත් සමග කොටි සංවිධානය යළි පණ ගැන්වීමේ උත්සාහයක් පවතින බවට සැකයක් මතු වන්නේ යැයි එම පුවත්පත වැඩිදුරටත් සදහන් කළා.

කේ. ක්‍රිෂ්ණකුමාර් නමැති 39 හැවිරිදි මෙම පුද්ගලයා 90 දශකයේ සිට කොටි සංවිධානය වෙනුවෙන් කටයුතු කර ඇති අතර තමිල්නාඩුවට පැමිණ ඇත්තේ 2009 වසරේදියි.

ඔහු ළඟ තිබී ඉන්දීය මුදල් සහ ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු මෙන්ම දෙරටේම රිය පැදවීමේ බලපත්‍ර ද සොයා ගැනුණු බව සදහන්.

මෙම  එල්.ටී.ටී.ඊ. සාමාජිකයා තමිල්නාඩුවේ උචිපුල්ලි ප්‍රදේශයට රැගෙන ආ ඉන්දියානුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ද හින්දු පුවත්පත සදහන් කළා. තමිල්නාඩුවේ සරණාගත කඳවුරක සිටි මොහු රහසිගතව මුහුදු මාර්ගය ඔස්සේ යාපනයට පැමිණීමට සූදානම්ව සිටි බවයි අනාවරණ වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories