පක්ෂ කාර්යාල ඉවත් කර නොගත්තොත් විජේමුණි, සුමේධා සහ බේරුගොඩට නඩු

Wednesday, 22 July 2015 - 8:35

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%92%2C+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%9A%E0%B6%B0%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
අද (22) මධ්‍යම රාත්‍රිය වන විට තමන්ට අයත් පක්ෂ කාර්යාල පොලීසියේ ලියාපදිංචි නොකළහොත් නඩු පවරන බව, නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, හිටපු ඇමතිනී සුමේධා ජී. ජයසේන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ යන තුන්දෙනාට පොලීසිය දැනුම් දී තිබෙනවා. මොවුන් මොණරාගල ප්‍රදේශයේ පක්ෂ කාර්යාල කිහිපයක් ඉදිකර ඇති අතර එම කාර්යාල කිසිවක් පිළිබද පොලිස් ස්ථාන වෙත වාර්තා කර නැහැ. ඊයේ දිනයේ මොණරාගල, පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් තම වසම්වල පිහිටි මැතිවරණ පක්ෂ කාර්යාල පරීක්ෂාවට ලක් කළා. එහිදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ. පසුව අදාළ මහජන නියෝජිතයන්ට අද මධ්‍යම රාත්‍රියට පෙර වහාම තම කාර්යාල ලියාපදිංචි කර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. එසේ නොමැති වුවහොත් හෙට දිනය වන විට නඩු පැවරීමට කටයුතු කරන බව මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories