සන්නද්ධ අරගලයක් යළි නැහැ - ජවිපෙ

Wednesday, 22 July 2015 - 19:12

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
2015 මහ මැතිවරණයට අදාළව ජනතා විමුක්ති පෙරමුණ සිය ජාතික වැඩපිළිවෙල අද (22) එළිදක්වනු ලැබුවේ හෘදසාක්ෂියේ සම්මුතිය යන නමින්. ජනතාවාදී පාලනයක්, උසස් මානව සම්පතක්, නවීකරණය හා කාර්මිකකරණය වූ රටක්, සාධාරණ සමාජයක් සහ නිවහල් මිනිසෙක් යන මාතෘකා යටතේ එහි කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වසරක් තුළ ජනමත විචාරණයකින් සම්මත කෙරෙන අතර, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කෙරෙනු ඇති. පක්ෂ මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කෙරෙන නීති සම්පාදනය කෙරෙන බවත් එහි සඳහන්. ඇමති මණ්ඩලයද 25 දෙනෙකුට සීමා වනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන පනත් අහෝසි කරන බවයි එම ජාතික වැඩපිළිවෙලේ සඳහන් වන්නේ. ජනතා සභා නමින් විශේෂ පාලන ව්‍යුහයක්ද යෝජනා කර තිබෙනවා. වෙනස්කම් වැළැක්වීමේ මෙන්ම සත්‍ය විමර්ශන කොමිෂන් සභා ස්ථාපිත කෙරෙනු ඇති. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් වෙන් කෙරෙන ප්‍රතිශතය 6% ක්. 1, 2, 3 ශ්‍රේණිවල දරුවන්ට ගෙදර වැඩ ලබාදීම නතර කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කර තිබෙනවා. හදවත්, වකුගඩු වැනි අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සිදුකිරීමට දුම්කොළ බද්ද යොදාගෙන විශේෂ අරමුදලක් ස්ථාපිත කරන බවත් එහි සඳහන්. රැකියාවක් ලැබෙනතෙක් රැකියා කළ යුතු වයසේ සෑම කෙනෙකුටම ජීවත්වීමට ප්‍රමාණවත් දීමනාවක් රජය මගින් ලබාදෙන බවත් හෘදසාක්ෂියේ සම්මුතිය නැමැති ජාතික වැඩපිළිවෙලේ දැක්වෙනවා.

මෙම වැඩපිළිවෙල එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ දී අද එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ බලහුවමාරුවේ මෙවලමක් ලෙස සන්නද්ධ අරගලය යොදා ගැනීම තම පක්ෂය ප්‍රතික්ෂේප කරන බවයි.

මෙහිදී අදහස් දැක්වු එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් කියා සිටියේ තම පක්ෂය අද ඉදිරිපත් කළ ජාතික වැඩපිළිවෙලේ සෑම වැකියකටම, සෑම අකුරකටම වගවීම සහ වගකීම භාර ගන්නා බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories