මෙරට රාජ්‍ය අංශයට ජපානයෙන් රුපියල් මිලියන 245 ක ප්‍රදානයක්

Thursday, 23 July 2015 - 15:00

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+245+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙරට රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 245 ක ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහනේ දෙවන අදියර යටතේයී මෙම ප්‍රදානය සිදුකරන්නේ. ඒ අනුව රජයේ නිලධාරීන්ට ජපානයේ උසස් අධ්‍යාපන ආයතනයන්හි පශ්චාත් උපාධි පාඨමාලා හැදැරීමට අවස්ථාව හිමිවනු ඇති. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ ඊට අමතරව මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමද මෙම ප්‍රදානය යටතේ සිදුවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories