කුලියාපිටිය සභාපති එජාපයට #GenElecSL

Friday, 24 July 2015 - 9:10

%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%23GenElecSL
කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ ඊයේ (23) පැවති අවසන් සැසිවාරයේදී සභාපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගැබෙහි සිටියදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවතට පැමිණීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සම්පත් කැටවලගෙදර එක්සත් ජාතික පක්ෂයට එක්වීමට විරෝධය පළ කරමින්.

කෙසේ වෙතත්, සිද්ධියෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් පළ කරමින් ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී  මනෝජ් චමින්ද සඳහන් කළේ සභාපතිවරයාගේ දූෂණ අක්‍රමිකතා වසා ගැනීමට මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එක්ව ඇති බවයි.

කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ නිලකාලය මේ මස 30 වනදායින් අවසන්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories