Update : තංගල්ලේ උක්කුවාට වෙඩි තැබූවන් පැමිණි මෝටර් රථය හුංගමින් හමුවෙයි

Sunday, 26 July 2015 - 10:52

Update+%3A+%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%84%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ඝාතනයට සැකකරුවන් පැමිණි මෝටර් රථය මාතර - හුංගම ප්‍රදේශයෙන් ඊයේ (27) සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පොලීසියට ලද තොරතුරක් අනුව මහමඟ දමා ගොස් තිබියදී අදාළ මෝටර් රථය සොයා ගත් බවයි.

අධිකරණ නියෝගයකට අනුව ඉරිදා දිනයේ තංගල්ල පොලීසියට වාර්තා කර නැවත පැමිණෙමින් සිටියදී තංගල්ල - පල්ලික්කුඩාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා ඝාතනයට ලක්වුණා. ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවාට වෙඩි තබන අවස්ථාවේ ඔහු සමඟ ගමන් ගත් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. මේ අතර, ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවාට වෙඩි තබන අවස්ථාවේ ඔහු සමඟ සිටි බව කියන තවත් පුද්ගලයෙකු ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළා. මිය ගිය පාතාල සාමාජිකයාගේ සොහොයුරු බව කියන මොහු සඳහන් කළේ තමා එම ත්‍රිරෝද රථය පදවාගෙන ගිය අතර වෙඩි තැබීමත් සමඟ එම ස්ථානයෙන් පළා ගොස් සැඟවුණු බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති බවයි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ඝාතනයට සැකකරුවන් පැමිණි මෝටර් රථය






Update : Tuesday, 28 July 2015 - 8:05
--------------------------------------------------------
උක්කුවාට වෙඩි තබද්දී සැඟවුණු සහෝදරයා මාධ්‍යයට කතා කරයි

තංගල්ල - පල්ලික්කුඩාව ප්‍රදේශයේදී ඊයේ (26) ඝාතනයට ලක්වූ ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහරෝහලේදී අද සිදුකෙරුණා. ඒ, මාතර අතිරේක මහේස්ත්‍රාත් රංජිත් ජයන්තගේ මූලිකත්වයෙන්. එහිදී තහවුරු වූයේ ඔහුගේ මරණය වෙඩි තැබීමකින් සිදුව ඇති බවයි.

අධිකරණ නියෝගයකට අනුව ඊයේ ඉරිදා දිනයේ තංගල්ල පොලීසියට ගොස් නැවත පැමිණෙමින් සිටියදී සිදුවූ වෙඩි තැබීමකින් ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා ඝාතනයට ලක්වුණා. ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවාට වෙඩි තබන අවස්ථාවේ ඔහු සමඟ ගමන් ගත් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් මේ වන විට තංගල්ල මූලික රෝහලේ සහ මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

මේ අතර, ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවාට වෙඩි තබන අවස්ථාවේ ඔහු සමඟ සිටි බව කියන තවත් පුද්ගලයෙකු අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළා. මිය ගිය පාතාල සාමාජිකයාගේ සොහොයුරු බව කියන මොහු සඳහන් කළේ තමා එම ත්‍රීරෝද රථය පදවාගෙන ගිය අතර වෙඩි තැබීමත් සමඟ එම ස්ථානයෙන් පළා ගොස් සැඟවුණු බවයි.



Update : Monday, 27 July 2015 - 19:25
-------------------------------------------------

උක්කුවා ඝාතනයේ පරීක්ෂණ තවදුරටත් - හඳුනාගත් සැකකරු සොයා විමර්ශන

ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා නමැති පාතාල කල්ලි සාමාජිකයා ඝාතනය කළ බවට හඳුනාගත් සැකකරු සොයා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා. තංගල්ල පොලීසියට ගොස් නැවත පැමිණෙමින් සිටියදී සිදුවූ වෙඩි තැබීමකින් ඊයේ පෙරවරුවේ ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා ඝාතනයට ලක්වුණා. අධිකරණය නියෝගයකට අනුව ඔහු සෑම ඉරිදා දිනකම තංගල්ල පොලිසියට පැමිණ පොලිස් පොතේ අත්සන් තැබිය යුතු වනවා. ඒ අනුවයි ඔහු ඊයේ දිනයේ තංගල්ල පොලීසිය වෙත පැමිණ ඇත්තේ.

තංගල්ල - පල්ලික්කුඩාව ප්‍රදේශයේදී ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන ජයවීර පැටබැඳිගේ නිලූක ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවාට වෙඩි තබන අවස්ථවේ ඔහු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිට තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා මේ වනවිට තංගල්ල මූලික රෝහලේ සහ මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Update : Monday, 27 July 2015 - 8:25
-------------------------------------------------
තංගල්ලේ උක්කුවා වෙඩිල්ලෙන් මැරුම්කයි 

ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා නමැති පාතාල කල්ලි සාමාජිකයා අද (26) ඝාතනයට ලක්වුණේ තංගල්ල පොලීසියට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී බව මේ වන විට අනාවරණ වී තිබෙනවා. අධිකරණ නියෝගයකට අනුව ඔහුට සෑම ඉරිදා දිනකම තංගල්ල පොලිසියට පැමිණ පොලිස් පොතේ අත්සන් තැබිය යුතු වනවා. ඒ ඔහුට එල්ල වී ඇති චෝදනාවන් කිහිපයක් සම්බන්ධයෙනුයි.

තංගල්ල - පල්ලික්කුඩාව ප්‍රදේශයේදී ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන ජයවීර පැටබැඳිගේ නිලූක ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම පුද්ගලයා අද පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණා. තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කර සිටි අවස්ථාවේදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මියගිය නිලූක ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූ පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 2014 වසරේ ජුනි මස 4 වනදා තංගල්ල බස් නැවතුම්පොලේදී පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඊට චෝදනා එල්ල වූයේ මියගිය පුද්ගලයාටයි. එමෙන්ම, තංගල්ල අධිකරණය ආසන්නයේදී ද ඊට පෙර පුද්ගලයෙකු ඝාතනය කෙරුණු අතර එයට ද මියගිය නිලූක ඉන්දික ප්‍රසන්න හෙවත් උක්කුවා නමැති මෙම පුද්ගලයාට චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත්, පසුව ඔහුව සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර මීට මාස කිහිපයකට පමණ පෙර ඔහු ඇප මත මුදා හැර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories