එකම ළිදේ වතුර බෙදා ගන්න ගිහින් ආරියදාස මරුට

Sunday, 26 July 2015 - 19:23

%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
එකම ළිඳකින් ජල නළ යොදා ගනිමින් ජලය ලබාගත් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මාතර - මොරවක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දීර්ඝ කාලක් පුරා ආරවුල් ඇති කර ගත් පුද්ගලයන් දෙදෙනා මෙම ළිදෙන් නළ මාර්ගයෙන් ජලය ලබාගෙන ඇති බව සදහන්. කෙසේ වෙතත්, ඊයේ (25) දිනයේදී කීර්තිරත්න නමැති පුද්ගලයා තම නිවසට ජලය නොමැතිවීම හේතුවෙන් ළිඳ ළඟට ගොස් ඒ පිළිබදව සොයා බලා තිබෙනවා. එම අවස්ථාවේදී ළිදෙන් ජලය ලබා ගන්නා අනෙක් පුද්ගලයා වන ආරියදාස නමැත්තා ද ළිද අසළින් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේ. එම අවස්ථාවේදි ආරියදාස නමැති පුද්ගලයා අසළ තිබූ ගලකින් කීර්තිරත්න නමැත්තාට පහර දී තිබෙනවා. ඉන් කෝපයට පත් කීර්තිරත්න තමා සතුව තිබූ පිහියකින් ආරියදාසගේ හිසට සහ ගෙළ ප්‍රදේශයට පහර දී ඇති අතර එහිදී ආරියදාස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කීර්තිරත්න නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories