වෙනදා උඩින් ගිය හැටි හිටපු ජනපති සිහිපත් කරයි

Sunday, 26 July 2015 - 19:25

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%8B%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සියලූ ජාතීන්ට ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අම්පාර ප්‍රදේශයේ ඊයේ (25) පැවැති ජන රැළියකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ලබන 28 වන දා සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය එළිදක්වන බවයි. එහිදී හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ තමන් මීට පෙර උඩින් ගමන් කළ බවයි. නමුත් දැන් තමන් සාමාන්‍ය පරිදි ගමන් ගන්නා බැවින් රට තොට සියල්ල හොදින් පෙනෙන බවයි හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ. පසුගිය රජයෙන් ආරම්භ කළ සියලූ සංවර්ධන වැඩසටහන් මේ වන විට නතර කර දමා ඇති බව තමන් යන එන ගමනේදී දුටු බව ද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories