හිටපු ජනපති පාර්ලිමේන්තුවේදී හමුවන්න ජවිපෙ නායකයා කැමැත්තෙන් #GenElecSL

Monday, 27 July 2015 - 7:54

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%23GenElecSL
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් තමන්ගේ ද කැමැත්තක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා. අලූත්ගම - බේරුවල නගරයේ ඊයේ පස්වරුවේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ ඊයේ දහවල් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී නීතීඥ කන්ඩායමක් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනුයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය දක්වන නීතීඥ කණ්ඩායමක් ඊයේ දහවල් පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට ද්වේශ සහගත ලෙස අපහාස කිරීමට එරෙහිව පුද්ගලයින් පස්දෙනෙකුගෙන් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇති බවයි. ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, රන්ජන් රාමනායක සහ ගායක සුනිල් පෙරේරා යන අයට එම එන්තර වාසි යවා ඇති බවයි එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නීතීඥ සාගර කාරියවසම් වැඩිදුරටත් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories