Update: මොරොන්තුඩුවේ අනතුරකින් පාසල් සිසුවෙකු මරුට

Monday, 27 July 2015 - 8:05

Update%3A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කොළඹ - බෞද්ධාලෝක මාවතේ ටොරින්ටන් චතුරශ්‍රය ආසන්නයේදී පාසල් ළමයින් රැගත් බස් රථයක් පෙරළී අද (27) දහවල් සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කළ සිසුන් 11 දෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර, වාද්දුව - මොරොන්තුඩුව ප්‍රදේශයේදී අද දහවල් පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථයක ගැටී 13 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුන් 3  දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.



Update : Monday, 27 July 2015 - 19:05 | ටොරින්ටන් අනතුරෙන් ළමයින් 11 ක් තවමත් රෝහලේ

කොළඹ - බෞද්ධාලෝක මාවතේ ටොරින්ටන් චතුරශ්‍රය ආසන්නයේදී පාසල් ළමයින් රැගත් බස් රථයක් පෙරළී ගොස් සිදුවූ අනතුරකින් ළමයින් ඇතුලූ 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළා. තුවාල ලැබූ පාසල් ළමයින් 11 දෙනෙකු සහ බස් රථයේ රියදුරු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, මොවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශිකාවක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පාසල් කිහිපයක සිසු සිසුවියන් රැගෙන මෙම  බස් රථය පැමිණ ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ සිටයි. අද උදෑසන ටොරින්ටන් චතුරශ්‍රය ආසන්නයේදී බස් රථය ජීප් රථයක ගැටී පෙරළී ගොස් තිබෙනවා. සිද්ධිය වන අවස්ථාවේදී බස් රථයේ විශාකා, මහානාම, සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉසිපතන යන විද්‍යාලවල සිසුවියන් ගමන් කරමින් සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ. බස් රථයේ රියදුරු මාර්ග සංඥා නොතකා ධාවනය කිරීම මෙම අනතුරට හේතුවී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරිගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ බස් රථයේ රියදුරුගේ යම් වරදක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් යම් ආකාරයකින් රියදුරුගේ වරදක් නොමැතිනම් සංගමය ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි.

මේ අතර කුරුණෑගල - ඇත්කඳ විහාරය ආසන්නයේදී ත්‍රිරෝද රථයක් සහ ජීප් රථයක් ගැටීමෙන් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා. කුරුණෑගල පොලිිසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ත්‍රිරෝද රථයේ පැමිණි තිදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.  අනුරාධපුරයේ සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඊට පිටුපසින් අධික වේගයෙන් පැමිණි ජීප් රථය ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන්දෙනෙකු බව සඳහන්.

Update : Monday, 27 July 2015 - 8:05 | ටොරින්ටන් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරිකින් පාසල් සිසුන් 16කට තුවාල

කොළඹ - බෞද්ධාලෝක මාවතේ ටොරින්ටන් චතුරශ්‍රය ආසන්න මාර්ගයකදී පාසල් සිසුන් රැගත් බස් රථයක් අද උදෑසන අනතුරට ලක්වීමෙන් ශිෂ්‍යාවන් 12 දෙනෙකු සහ සිසුන් 4 දෙනෙකු ඇතුලූ 16 දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාල ලැබූවන් කොළඹ ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක ඉගෙනුම ලබන සිසු සිසුවියන් බවයි පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories