ඡන්දය දාන්න නිවාඩු හම්බෙන්නේ මෙහෙමයි #GenElecSL

Monday, 27 July 2015 - 14:31

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%23GenElecSL
පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙවර මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා පැය 4 කට නොඅඩු නිවාඩු කාලයක් ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික අංශයට දැනුම් දෙනවා. නිවාඩු ලබාදෙන කාලය ඇතුළත වැටුප් අඩු කිරීමකින් තොරව විශේෂ නිවාඩුවක් ලෙස එය ලබාදිය යුතු බවයි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ. ඡන්දය භාවිතා කිරීම සඳහා සේවස්ථානයේ සිට ඡන්ද පොලට යායුතු දුර කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවකුත්, කිලෝමීටර 40 ත් 100 ත් අතර දුරක ඡන්ද මධ්‍යස්ථානය පිහිටන්නේ නම් දිනයක නිවාඩුවකුත් ලබාදිය යුතු වනවා. කිලෝමීටර 100 ත් 150 ත් අතර දුරකින් ඡන්ද මධ්‍යස්ථානය පිහිටියහොත් දින එකහමාරකත්, කිලෝමීටර 150 ට වැඩිනම් දින දෙකක නිවාඩුවක් ලබාදෙන ලෙසත් මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික අංශයට දැනුම්දී ඇති බව සඳහන්. 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories