ඡන්දයට පෞද්ගලික අංශයට නිවාඩු ගන්න පුළුවන් මෙහෙමයි

Monday, 27 July 2015 - 19:54

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙවර මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස නිවාඩු ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කරනවා. මැතිවරණ පනතට අනුව එලෙස පැය 4කට අවම කාලයක් සහිතව ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය යැයි හැගෙන අඛණ්ඩ කාලයක් සඳහා එම නිවාඩු ලබාදිය යුතුයි. නිවාඩු ලබාදෙන කාලය ඇතුළත වැටුප් අඩු කිරීමකින් තොරව විශේෂ නිවාඩුවක් ලෙස එය ලබාදිය යුතු බවයි මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.

ඡන්දය භාවිතා කිරීම සඳහා සේවා ස්ථානයේ සිට ඡන්දපොලට යායුතු දුර කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවකුත්, කිලෝමීටර 40 ත් 100 ත් අතර දුරක ඡන්ද මධ්‍යස්ථානය පිහිටන්නේ නම් දිනයක නිවාඩුවකුත් ලබාදිය යුතු වනවා. කිලෝමීටර 100 ත් 150ත් අතර දුරකින් ඡන්ද මධ්‍යස්ථානය පිහිටියහොත් දින එකහමාරක් සහ කිලෝමීටර 150 ට වැඩිනම් දින දෙකක නිවාඩුවක් ලබාදෙන ලෙසත් මැතිවරණ කොමසාරිස්වරයා නිර්දේශ කර තිබෙනවා.

එහිදී සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මගින් නිවාඩු ඉල්ලූම් කිරීම සිදුකළ යුතු වනවා. සෑම සේවා යෝජකයෙකු විසින්ම විශේ්ෂ නිවාඩු ඉල්ලූම් කළ තැනැත්තන් සහ නිවාඩු ප්‍රදානය කරන කාලසීමාව දැක්වෙන ලේඛනයක් පිළියෙල කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවට ද මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලීමක් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories