හිටපු ජනපති අබ්දුල් කලාම් අභාවප්‍රාප්ත වෙයි

Monday, 27 July 2015 - 21:32

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B6%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ ජනාධිපතිවරයෙකු මෙන්ම ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ අබ්දුල් කලාම් වයස අවුරුදු 83ක්ව සිටියදී ඊයේ (27) අභාවප්‍රාප්ත වුණා. ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ ගුවහටි ප්‍රදේශයේ ෂිලොං හිදී දේශනයක් පවත්වන අතරතුර හදිසියේ ඇද වැටුණු ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මෙලෙස මිය ගොස් තිබෙනවා.

2002 වසරේ සිට 2007 වසර දක්වා ඉන්දියාවේ 11 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු එරට න්‍යෂ්ටික වැඩසටහන සහ අභ්‍යාවකාශ පර්යේෂණ වෙනුවෙන් විශාල දායකත්වයක් දැක්වූ පුද්ගලයෙක්. දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් හි ඔහු උපත ලැබූවේ ඔරුකරුවෙකුගේ පුත්‍රයෙකු ලෙසයි. ආචාර්ය අබ්දුල් කලාම්ගේ දේහය අද නවදිල්ලියට රැගෙන එන අතර ඔහුගේ අභාවය වෙනුවෙන් දින 7ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ඉන්දීය රජය ප්‍රකාශ කළේ. ආචාර්ය කලාම් සමඟ තමාගේ අත්දැකීම් සිහිපත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශෝක පණිවුඩයක් නිකුත් කළා.

ඉන්දියාවේ මිසයිල මිනිසා ලෙස ප්‍රකට ආචාර්ය අබ්දුල් කලාම් 1998 වසරේ සිදුකෙරුණු න්‍යෂ්ටික පිපිරීම අධීක්ෂණය කළ ප්‍රමුඛයායි. ඊට අමතරව ඉලක්කයට එල්ල කළ හැකි ඉන්දීය මිසයිල වැඩසටහන ක්‍රියාත්මක වූයේ ද ඔහුගේ මූලිකත්වයෙන්. ජනතාවගේ ජනාධිපතිවරයා ලෙස ද ජනාදරයට පත්වූ ආචාර්ය අබ්දුල් කලාම් ග්‍රන්ථ 10ක් රචනා කළ අතර ඉන් වඩාත් ප්‍රකට ග්‍රන්ථය වන්නේ 1999 වසරේ නිකුත් කෙරුණු ඔහුගේ ජීවිත කතාව ඇතුළත් වින්ස් ඔෆ් ෆයර් නමැති ග්‍රන්ථයයි. ඊයේ ෂිලොන් හි පැවැති උත්සවයට සහභාගිවීමට සඳහා යාමට පෙර ඔහු තම ට්විටර් ගිණුමට පණිවුඩයක් එක් කර තිබුණා. එහි සදහන් වන්නේ තමා එහිදී අපේ පෘථිවිය ජීවත් වීමට හැකි ලෝකයක් බවට පත් කිරීමේ සද්කාර්යයට එක් වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories