එක්සත් ජනතා නිදහස් සන්ධානය මහමැතිවරණයට අදාළව ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද උදෑසන පිළිගන්වා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති නිළ නිවසට ගොස් මෙම මැතිවරණ ප්‍රකාශය පිළිගන්වා ඇති බවයි. මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය පිළිගැන්වීමේ උත්සවය මේ වන විට කොළඹ හෙන්ද්‍රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සන්ධානයේ පක්ෂ නායකයින් රැසක් එක්ව සිටිනවා. අනාගතයට සහතිකයක් නමින් දොළොස් වැදැරුම් ප්‍රතිපත්ති මෙම මැතිවරණ ප්‍රකාශයට ඇතුළත්.
Follow US
Most Viewed Stories