Update: යහපාලනය තහවුරු කිරීමට අගමැති - සංවිධාන 110ක් සමග පොදු ගිවිසුමක #GenElecSL

Tuesday, 28 July 2015 - 13:42

Update%3A+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+-+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+110%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A+%23GenElecSL
යහපාලනය තහවුරු කිරීමට දේශපාලන පක්ෂ පමණක් නොව සිවිල් සංවිධානද එක්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 110 ක් සමඟ පොදුමහජන ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට  පදනම් ආයතනයේදී අද (28) එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ද එම ගිවිසුමට අද අත්සන් තැබුවා.

 මූලික කරුණු 14 කින් සමන්විත මෙම ගිවිසුම, ජනවාරි 8 ලද ජනතා ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සදහා වූ පොදු මහජන ගිවිසුම නමිනුයි හඳුන්වා දී ඇත්තේ.   

 මෙම පොදු මහජන ගිවිසුමෙහි සඳහන් වන ප්‍රධාන කරුණක් වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමයි. එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීමටද යෝජිතයි.

එමෙන්ම, පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසුව පක්ෂ මාරු කිරීම කළ නොහැකි වන සංශෝධනද ඊට ඇතුළත්.

ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් ප්‍රමිතීන් ක්‍රියාත්මක කළ යුතු වනවා. විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ විනිසුරුවන් ධුරයෙන් ඉවත් කළ යුතු අතර, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයේ බහුතරය සිවිල් නියෝජිතයන් විය යුතු බවත් එහි සඳහන්.

 වත්කම් - බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන්නන් මහජන නියෝජිතයන් ලෙස පත් නොකළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

ජාතික හා ආගමික සංහිඳියාවට අභියෝගයක් නොවන රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැගිය යුතු අතර, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ශක්තිමත් කළ යුතු බවත් එහි සඳහන්.

ප්‍රතිලාභ සාධාරණව බෙදෙන ආර්ථික ක්‍රමයක් ඇතිකළ යුතුයි.  මහජන නියෝජිතයන්ට චර්යාධර්ම පද්ධතියක් ඇතිකිරීමද මෙහිදී ඇතිවු එකඟතාවයක්. එමෙන්ම, අත්සන් තැබූ කණ්ඩායම් නියෝජනය වන උපදේශන සභාවක් පිහිටුවා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ඔවුන්ගේ අදහස්ද ලබාගත යුතුව තිබෙනවා.



Update : Tuesday, 28 July 2015 - 18:52
-----------------------------------------------------------

පොදු මහජන ගිවිසුමට අග්‍රාමාත්‍යවරයා අත්සන් තබයි

සිවිල් සහ දේශපාලන සංවිධාන 110ක් සමඟ පොදුමහජන ගිවිසුමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අත්සන් තැබීම අද (28) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුවුණා. එම අවස්ථාව සංකේතවත් කරමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ද එම ගිවිසුමට අත්සන් තැබුවා. මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයන් එක්ව සිටියා.

ජනවාරි 8 ලද ජනතා ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සදහා වූ පොදු මහජන ගිවිසුම නමින් මෙම ගිවිසුම නම් කර තිබෙනවා. එය මූලික කරුණු 14කින් සමන්විතයි.

මේ යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වාදීම පළමු කරුණ ලෙස එම ගිවිසුමට ඇතුළත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ අලූත් පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක සභාවක් පත් කර පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමට සූදානම් බවයි. එමෙන්ම මනාව ඡන්ද ක්‍රමය අහෝසි කර සෑම මැතිවරණ කොට්ඨාශයකටම මන්ත්‍රීවරයෙකු හිමි වන සහ සියලූ ජන කොටස් හා දේශපාලන මතවලට නිසි ප්‍රයෝජනයක් ලැබෙන අයුරින් කේවළ ආසන හා සමානුපාතික ක්‍රමවල සම්මිශ්‍රනයකින් යුතු නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමටත් මෙම ගිවිසුම මගින් එකඟතාවය පළ කර තිබෙනවා.

මූලික කරුණු 14 යටතේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සහ පොදු ප්‍රවාහන සේවා ආරක්ෂා කර ගනිමින් රැකියා සම්පාදනය, ළමා අයිතිවාසිකම් සහ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ද මෙම ගිවිසුමේ සදහන්.

මෙම ගිවිසුමට අඩංගු තවත් කරුණක් වන්නේ ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම මගින් ජාතික හා ආගමික සංහිදියාවට අභියෝගයක් නොවන ආකාරයේ රාජ්‍යතාන්ත්‍රයක් ගොඩනැගීමයි.

ජාතික විගමන පනත, තොරතුරු දැන ගැනීමේ පනත, දූෂණ විරෝධී කටයුතු ශක්තිමත් කිරීම, නව පනත් ඇතුළු යහපාලනය ස්ථාපිත කිරීමට අවශ්‍ය නීතිරීති කඩිනමින් සම්මත කිරීමට ද යෝජනා වී තිබෙනවා.

යහපාලනය ස්ථාපිත කිරීම අරමුණු කර ගත් මහජන ගිවිසුමට අත්සන් කරන කණ්ඩායම්වල නියෝජනයෙන් සමන්විත උපදේශන සභාවක් පිහිටුවා සිවිල් පුරවැසියන්ගේ අදහස් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී දායක කර ගැනීමට ද ගිවිසුම මගින් බලාපොරොත්තු වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories