Update : බැස්ටියන් මාවතේ කාන්තා මළ සිරුර ගැන CID යට

Wednesday, 29 July 2015 - 10:29

Update+%3A+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+CID+%E0%B6%BA%E0%B6%A7
පිටකොටුව - බැස්ටියන් මාවතේ පුද්ගලික බස් නැවතුම්පොලේ ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකෙරෙන සියලූ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා. කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරටගේ මෙහෙයවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම පරීක්ෂණ සිදුකරනු ලබනවා.

පිටකොටුව - බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පලේ අනුරාධපුර නැවතුමේ තිබියදී ගමන් බෑගයක දැමූ කාන්තා මළ සිරුරක් සොයාගනු ලැබුවේ ඊයේ (29) උදෑසනයි. පසුව මේ පිළිබඳව කොළඹ අලූත්කඬේ අංක එක මහේස්ත්‍රාත්වරයා පරීක්ෂනයක් සිදුකළ අතර ඒ මත පදනම්ව කොටුව පොලීසියද මූලික පරීක්ෂණයක් සිදුකරනු ලැබුවා. එහිදී සැක මතු වුණේ මෙම කාන්තාව පහරදී ඝාතනය කර ඇති බවටයි. මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී අද සිදුකිරීමට නියමිතයි.

මේ අතර මියගිය කාන්තාව කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් හඳුනාගෙන නැහැ. කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ ගෙළෙහි බැඳි රන් පෙන්ඩනයක  ඕම් සළකුණ මෙන්ම ඇයගේ එක් පාදයක සළඹක්ද දක්නට ලැබෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

Update : Thursday, 30 July 2015 - 12:39
------------------------------------------------------------

පිටකොටුවේදී ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර පිළිබඳ තොරතුරු ලබාදීමට පොලීසියෙන් විශේෂ දුරකථන අංක 3 ක්

පිටකොටුව - බැස්ටියන් මාවත - පෞද්ගලික බස් නැවතුම්පොලේ  ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් එය දැනුම්දීමට පොලීසිය විශේෂ දුරකථන අංක තුනක් මහජනතාවට ලබාදී තිබෙනවා.

ඒ අනුව 011 2 3 23 677, 011 2 66 23 11 සහ 011 26 851 51 යන දුරකථන අංක වෙත අමතා මේ පිළිබඳව යම් තොරතුරක් වෙතොත් ලබාදීමේ හැකියාව පවතිනවා.

අදාළ කාන්තාවගේ ඡායරූප කිහිපයක් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ මාධ්‍ය වෙත නිකුත් කළ අතර එම ඡායාරූප www.hirunews.lk වෙබ් අඩවියේද පළ කර තිබෙනවා.

පිටකොටුව - බැස්ටියන් මාවත - පෞද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් බෑගයක තිබී මෙම කාන්තා මළ සිරුර සොයා ගැනුනේ ඊයේ උදෑසනයි. මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ් සිදු කෙරුණු අතර එහිදී ඇයගේ නාසයෙන් රුධිරය වහනය වී තිබූ අයුරු නිරීක්ෂණය වූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මියගිය කාන්තාවගේ ගෙළෙහි බැඳි රන් පෙන්ඩනයක  ඕම් සළකුණද සඳහන් වනවා.  එමෙන්ම ඇගේ පාදයෙහි සළඹක්ද තිබූ බවයි පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එම කාන්තාව පිළිබඳ තොරතුරක් දන්නේ නම් වහාම පොලීසිය වෙත දැනුම් දෙන ලෙසයි.

Update : Thursday, 30 July 2015 - 9:09
-----------------------------------------------------------
පිටකොටුවේදී ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුරේ ඕම් මාලයක්

පිටකොටුව - බැස්ටියන් මාවත - පෞද්ගලික බස් නැවතුම්පොලේ  ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුර හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා. අදාළ කාන්තාවගේ ඡායරූප කිහිපයක් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කළා.

පිටකොටුව - බැස්ටියන් මාවත - පෞද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් බෑගයක තිබී මෙම කාන්තා මළ සිරුර සොයා ගැනුනේ අද උදෑසනයි. බස් නැවතුමේ සිටි කාන්තාවකගේ ගමන් බෑගයක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර තිබෙනවා. එම අවස්ථාවේදී මගීන් සහ එහි සිටි වෙළඳුන් එක්ව එම ගමන් බෑගය සෙවීමේදී මෙම හිමිකරුවෙකු නොමැති ගමන් බෑගය හමුවූ බවයි  බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පලේ ධාවන කළමනාකරු හෙන්රි ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ගමන් බෑගය හමුවූ අවස්ථාවේ බස්නැවතුම්පොලේ අනුරාධපුර නැවතුම ආසන්නයේ සිටි මගීන්ගෙන් සහ බස් රථ සේවකයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබෙනවා. එමෙන්ම බැස්ටියන් මාවත, බස් නැවතුම්පොල අවට සවි කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතියේ දත්ත පරීක්ෂාවට ලක්කර ඇති නමුත් අදාළ බෑගය තිබූ ස්ථානයේ කැමරා සවිකර නොමැති බවටයි වාර්තාවන්නේ.

මියගිය කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට මෙතෙක් හැකිවී නොමැති බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේදී සිදු නොකිරීමට තීරණය වී තිබෙනවා. මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් සිදු කෙරුණු අතර එහිදී ඇයගේ නාසයෙන් රුධිරය වහනය වී තිබූ අයුරු නිරීක්ෂණය වූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මියගිය කාන්තාවගේ ගෙළෙහි බැඳි රන් පෙන්ඩනයක  ඕම් සළකුණද සඳහන් වනවා.  එමෙන්ම ඇගේ පාදයෙහි සළඹක්ද තිබූ බවයි පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ. 

Update : Wednesday, 29 July 2015 - 13:39 | ගමන් මල්ලේ තිබු සිරුර ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණය

බැස්ටියන් මාවත - පෞද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී සොයාගත් කාන්තා මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මීට ටික වේලාවකට පෙර සිදු කෙරුණා. එහිදී මළ සිරුරේ නාසයෙන් රුධිරය වහනය වී තිබූ අයුරු නිරීක්ෂණය වූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.





පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේන් එවූ එම කාන්තාවගේ ඡායාරූප පහතින්








Update : Wednesday, 29 July 2015 - 10:29 | බැස්ටියන් බස් නැවතුම්පොලේ  ගමන් මල්ලක කාන්තා සිරුරක්

පිටකොටුව - බැස්ටියන් මාවත - පුද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී කාන්තා මළ සිරුරක් අද (29) පෙරවරුවේ සොයා ගත්තා. බස් නැවතුමේ සිටි මගීන් කිහිපදෙනෙකු හිමිකරුවෙකු නොමැති ගමන්මල්ලක් දැක පරීක්ෂා කර තිබෙනවා. එහිදීයි මළ සිරුර දැක පිටකොටුව පොලිසියට දැනුම්දී ඇත්තේ. ඒ අනුව, පිටකොටුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණ ගමන්මල්ල නිරීක්ෂණය කර තිබෙනවා. එම නිරීක්ෂණයේදී බෑගය තුළ ඇති මළ සිරුර කාන්තාවකගේ බවට අනුමාන කළ හැකි සාධක ලැබී ඇති බව පිටකොටුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

කෙසේ වෙතත්, ගමන් මල්ල සම්පූර්ණයෙන්ම විවෘත කර වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පෙර එය මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂාවට ලක් කළ යුතුයි.

අලූත්කඩේ අංක 01 මහේස්ත්‍රාත්වරයා - පරීක්ෂණය සඳහා ගමන්මල්ල ඇති ස්ථානයට පැමිණීමට නියමිතව ඇති බව කොටුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා. ගමන්මල්ල හමුවූ ස්ථානයට මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ගමන්මල්ල හමුවූ අවස්ථාවේ බැස්ටියන් බස්නැවතුම්පොලේ අනුරාධපුර නැවතුම ආසන්නයේ සිටි මගීන්ගෙන් සහ බස් රථ සේවකයන්ගෙන් පොලිසිය මේ වනවිටත් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මීට අමතරව, බැස්ටියන් මාවත, බස් නැවතුම්පොල අවට සවි කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතියේ දත්ත පරීක්ෂාවට ලක් කිරීමට ද බලාපොරොත්තු වන බව පොලිසිය ප්‍රකාශ කළා. පරීක්ෂණ සඳහා පිටකොටුව පොලිස් නිලධාරින්ගේ සහයට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට එම ස්ථානයට පැමිණ ඇති බව සඳහන්.



------------------------------------------------------------------------

බැස්ටියන් මාවතේ බස් නැවතුමේ ගමන් මල්ලක කාන්තා මළ සිරුරක්

කොළඹ බැස්ටියන් මාවත - පුද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. අද (29) පෙරවරු 9 ට පමණ සිරුර සොයා ගෙන ඇති බවයි පිටකොටුව පොලිසිය ප්‍රකාශ කළේ.

මගියකු නැති වු බෑගයක් සොයා පැමිණ ඇති අතර එහි  මළ සිරුරක් තිබීම පිළිබඳ  පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ .

මළ සිරුර වයස අවුරුදු 35 ත් 40 ත් අතර කාන්තාවකගේ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියා සිටියා. මළ සිරුර තිබෙන ගමන්මල්ලේ ඇඳුම් කිහිපයක් ද දක්නට ලැබෙන බව සඳහන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories