ඉහලින් එපා කියද්දී ශිෂ්‍යයෝ පාරට බසි

Wednesday, 29 July 2015 - 16:11

%E0%B6%89%E0%B7%84%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%92
අධිකරණ නියෝගය නොතකමින් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කළ විරෝධතා පා ගමන මේ වනවිට තිඹිරිගස්යාය පසුකරමින් හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් තිබෙනවා. ඔවුන් අද දහවල් විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ ශිෂ්‍යන්ගේ පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින්. කෙසේ නමුත් මෙම විරෝධතා පා ගමන වළක්වාලමින් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න අද දහවල් වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනයි. මැතිවරණ සමයේ මෙවැනි පෙළපාලි යෑම වළක්වන ලෙසයි ඔහු එහිදී අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.

Update : මේ වන විට සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමනක් නිසා කොළඹ - පුරහල සිට වෝර්ඩ් ප්‍රදේශ හරහා බොරැල්ල දෙසට යන මාර්ගය වසා දැමේ.

ශිෂ්‍යන්ගේ පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කළ පා ගමන මීට ටික වේලාවකට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආසන්නයට ළඟාවුණා. එහිදී ශිෂ්‍ය නියෝජිතයින් 10 දෙනෙකුට ප්‍රතිපාදන කොමිසමේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවසර හිමිවූ බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ. මෙම විරෝධතා පා ගමන වළක්වාලමින් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න අද දහවල් වාරණ නියෝගයක්ද නිකුත් කළා. ඒ, නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. 








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories