සාගලගේ ආධාරුකරුවෙකු පැහැරගත් සන්ධානයේ 6ක් අල්ලයි #GenElecSL

Thursday, 30 July 2015 - 14:31

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%23GenElecSL
මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සාගල රත්නායකගේ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයෙකු පැහැරගත්, සන්ධාන ආධාරකරුවන් 6 දෙනෙකු පොලීසිය අද (30)  උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී පෝස්ටර් ඇලවීම සඳහා යොදාගත් ත්‍රිරෝද රථය සහ පෝස්ටර් තොගයද සැකකරුවන් පැහැරගෙන ගොස් තිබුණා. වහා ක්‍රියාත්මක වූ පොලීසිය කැබ් රථයකින් පැමිණි සැකකරුවන් 6 දෙනාද සමග එහිදී පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා, ත්‍රිරෝද රථය සහ අදාළ පෝස්ටර් තොගය අකුරැස්ස නගරයේදි සොයාගත් ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර පිළියන්දල රෝහල් හන්දිය ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අද උදෑසන පොලීසිය අත්අඩංගුවට ගත්තා. මොවුන් ළඟ තිබී  පෝස්ටර් තොගයක්ද අත්අඩංගුවට ගත් අතර ඒවායේ මුද්‍රණය කරන ලද ස්ථානය හෝ ලියාපදිංචි අංකයක්  සටහන්ව නොතිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories