Update: දුම්රිය වර්ජනය අත්හිටුවයි

Thursday, 30 July 2015 - 15:34

Update%3A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
වැටුප් වර්ධක ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියදුරන්, නියාමකවරුන් ඇතුළු ශ්‍රේණි 11 ක සේවකයින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි එම සන්ධානයේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

Update : Thursday, 30 July 2015 - 15:34
..........................................................................................

හෙට සිට කෝච්චියේ ගිහින් හමාරයි

වැටුප් වර්ධක ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියදුරන්, නියාමකවරුන් ඇතුළු ශ්‍රේණි 11 ක සේවකයින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. අද උදෑසන සිය වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බවයි දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories