විධායකය සමඟ සහයෝගයෙන් කටයුතු කළ හැකි ආණ්ඩුවක් හදමු - අගමැති

Thursday, 30 July 2015 - 19:29

%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
විධායකය සමඟ සහයෝගයෙන් වැඩ කළ හැකි ශක්තිමත් ආණ්ඩුවක් බිහිකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ආණමඩුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සන්ධානය මේ වනවිටත් දේශපාලන වේදිකාවේ ජනාධිපතිවරයාගේ දින සියයේ වැඩපිළිවෙල දැඩිව විවේචනය කරමින් සිටින බවයි.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් රටේ ඉදිරි ගමන පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහජනතාවට වැඩි සහන සලසන සැලැස්මක් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අන්තර්ගත බවයි.

එමෙන්ම, පසුගිය රජය සමයේ එක්කෝටි දහසය ලක්ෂයක ව්‍යාපෘති ටෙන්ඩර් පටිපාටියකින් තොරව ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පිළියන්දල ප්‍රදේශයේ පැවති ජනහමුවකට ඊයේ (29) එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories