Update: බැස්ටියන් මාවතේ කාන්තා මළ සිරුර: ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර ගැන විවෘත තීන්දුවක්

Thursday, 30 July 2015 - 19:47

Update%3A+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%3A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%91%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ ගමන් බෑගයක් තුළ තිබී හමුවූ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (31) සිදුකෙරුණා.  ඒ, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න අප්පුහාමිගේ ප්‍රධානත්වයෙන්. එහිදී විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.  ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

විද්‍යාත්මක පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය සිරුරු කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා භාරයට ගැනීමෙන් පසු දේහය මිහිදන් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ දේහය මිය ගිය කාන්තාවගේ මවට භාර දීමෙන් පසු ඇයට එය මිහිදන් කිරීමේ වියදම් දැරීමට නොහැකි බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව රජයේ වියදමින් දේහය පිළිබද අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් කියා සිටියේ.



මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයා පිළිබඳ තොරතුරක් ඇතොත් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කළා. ඒ අනුව 0112 662311 යන දුරකථන අංකයට සහ 0112 685151 යන දුරකථන අංකයට අදාළ තොරතුරු දැනුම් දිය හැකියි.


පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ ගමන් බෑගයක් තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර මියගිය කාන්තාවගේ මව විසින් ඊයේ හඳුනා ගත් අතර අනතුරුවයි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණේ. 34 හැවිරිදි මියගිය කාන්තාව යාපනය - වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට හඳුනාගෙන තිබෙනවා.
 
බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ තිබූ හිමිකරුවෙකු නොමැති මෙම ගමන් බෑගයක් තුළ තිබූ ඇයගේ සිරුර සොයා ගනු ලැබුවේ බදාදා දිනයේදීයි. පසුව සිදුකළ මූලික පරීක්ෂණවලදි මෙම කාන්තාව ඝාතනය කර ගමන් බෑගයක බහා කිසිවෙකු විසින් බස් නැවතුම්පොලට ගෙනවිත් දමා ඇති බවට කරුණු තහවුරු වුණා.

Update: Saturday, 01 August 2015 - 8:17
---------------------------------------------
බෑගය ත්‍රීවීල් එකට දැමීමට  තවත් දෙදෙනක් හවුල්වූ හැටි CCTV දර්ශන මෙන්න

බැස්ටියන් මාවත කාන්තා  මළ සිරුර පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ සිදුකළ පොලිසිය අදාළ ලැගුම්හලේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂාවට ලක් කළා. එම දර්ශනවල සැකකරු ඝාතනය සිදුකර ගමන් බෑගයේ මළ සිරුර දමා රැගෙන යන ආකාරය පැහැදිලිව සටහන් වී ඇති බවයි පොලිසිය පවසන්නේ. මියගිය කාන්තාව සහ සැකකරු පිළිබඳ ලැගුම්හලේ හිමිකරු ද තවත් තොරතුරු රැසක් අනාවරණ කර ඇති බව සදහන්.


Update: Friday, 31 July 2015 - 21:55
.................................................................................

බෑගයට දමාගෙන එන හැටි ලැගුම්හලේ CCTV දර්ශන මෙන්න

පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ ගමන් බෑගයක් තුළ තිබී හමුවූ කාන්තාවගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයා පිළිබඳ තොරතුරක් ඇතොත් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඒ සඳහා දුරකථන අංක දෙකක් ද හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව 0112 662311 යන දුරකථන අංකයට සහ 0112 685151 යන දුරකථන අංකවලට අදාළ තොරතුරු දැනුම් දිය හැකියි.

පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ ගමන් බෑගයක් තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර මියගිය කාන්තාවගේ මව විසින් අද හඳුනා ගත්තා. ඒ පොලිස් මෘත ශරීරාගාරයේදීයි. 34 හැවිරිදි මියගිය කාන්තාව යාපනය - වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට හඳුනාගෙන ඇති අතර අද දිනයේ පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශය ඇගේ මව වන ධර්මරාජන් කලෙයිවන්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා.

බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ තිබූ හිමිකරුවෙකු නොමැති මෙම ගමන් බෑගයක් සොයා ගනු ලැබුවේ පෙරේදා දිනයේදීයි. පසුව සිදුකළ මූලික පරීක්ෂණවලදි මෙම කාන්තාව ඝාතනය කර ගමන් බෑගයක බහා කිසිවෙකු විසින් බස් නැවතුම්පොලට ගෙනවිත් දමා ඇති බවට කරුණු තහවුරු වුණා.

අනතුරුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ආරම්භ කළ අතර, එහිදී අනාවරණ වූයේ එම කාන්තාව මීට දින 07 කට පෙර කොළඹ ප්‍රදේශයට පැමිණ යම් පුද්ගලයෙකු සමඟ හෙට්ටිවීදිය ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන ඇති බවයි. ඇයගේ සැමියා විදේශ රැකියාවක නිරතව සිටින බවටද අනාවරණ වී තිබෙනවා.

මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණයන්ට අනුව ඝාතනය සිදුකළ සැකකරු නිශ්චිතව හඳුනාගෙන ඇති අතර, එම වීඩියෝ දර්ශන මේ වන විටත් මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කර අවසන්. ඒ හේතුවෙන් අදාළ සැකකරු හඳුනන්නේ නම්, ඒ පිළිබදව කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් සදහන් කළේ.


Update: Friday, 31 July 2015 - 19:06
--------------------------------------------------------------

පිටකොටුව ගමන් බෑගයකින් හමුවූ කාන්තාවගේ මළ සිරුර මව විසින් හඳුනා ගනී - සැකකරු පිළිබඳත් තොරතුරු හෙළි වෙයි

පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ ගමන් බෑගයක් තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර මියගිය කාන්තාවගේ මව විසින් අද (31) හඳුනා ගත්තා. ඒ පොලිස් මෘත ශරීරාගාරයේදීයි. මියගිය කාන්තාව යාපනය - වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට හඳුනාගෙන ඇති අතර අද දිනයේ පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශය ඇගේ මව වන ධර්මරාජන් කලෙයිවන්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා.

බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ තිබූ හිමිකරුවෙකු නොමැති මෙම ගමන් බෑගයක් සොයා ගනු ලැබුවේ පෙරේදා දිනයේදීයි. පසුව සිදුකළ මූලික පරීක්ෂණවලදි මෙම කාන්තාව ඝාතනය කර ගමන් බෑගයක බහා කිසිවෙකු විසින් බස් නැවතුම්පොලට ගෙනවිත් දමා ඇති බවට කරුණු තහවුරු වුණා.

අනතුරුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ආරම්භ කළ අතර, එහිදී අනාවරණ වූයේ මියගොස් ඇති කාන්තාව යාපනය - වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර එම කාන්තාව මීට දින 07 කට පෙර කොළඹ ප්‍රදේශයට පැමිණ යම් පුද්ගලයෙකු සමඟ හෙට්ටිවීදිය ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන ඇති බවයි. ඇයගේ සැමියා විදේශ රැකියාවක නිරතව සිටින බවටද තොරතුරු අනාවරණය වුණා.

එම තොරතුරු ඔස්සේ වැඩිදුරටත් පරීක්ෂණ සිදුකළ පොලිසිය අදාළ ලැගුම්හලේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂාවට ලක් කළා. එම දර්ශනවල සැකකරු ඝාතනය සිදුකර ගමන් බෑගයේ මළ සිරුර දමා රැගෙන යන ආකාරය පැහැදිලිව සටහන් වී ඇති බවයි පොලිසිය පවසන්නේ. මියගිය කාන්තාව සහ සැකකරු පිළිබඳ ලැගුම්හලේ හිමිකරු ද තවත් තොරතුරු රැසක් අනාවරණ කර තිබෙනවා.

මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණයන්ට අනුව ඝාතනය සිදුකළ සැකකරු නිශ්චිතව හඳුනාගෙන ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාශය පවසන්නේ. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

Update: Friday, 31 July 2015 - 13:23
--------------------------------------------------------------
පිටකොටුවේ ගමන් මල්ලකින් හමුවූ කාන්තාවගේ සිරුර මව හඳුනාගනී

පෙරේදා පිටකොටුව - බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොලේ ගමන් බෑගය තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර මියගිය කාන්තාවගේ මව විසින් අද (31) හඳුනා ගත්තා. ඒ පොලිස් මෘත ශරීරාගාරයේදීයි. මියගිය කාන්තාවගේ මවගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි කොළඹ අපරාධ කොට්ඨාශය පවසන්නේ.

Update: Thursday, 30 July 2015 - 19:47
.................................................................................

පිටකොටුවේ ගමන් මල්ලකින් හමුවු කාන්තාවගේ විස්තරේ මෙන්න

බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ ගමන් බෑගයක තිබී ඊයේ (29) සොයාගත් මළ සිරුර යාපනය - වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකගේ බවට හඳුනාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම කාන්තාව මීට දින 07 කට පෙර කොළඹට පැමිණ අනියම් සැමියා සමඟ ලැගුම්හලක නවාතැන්ගෙන ඇති බවයි. ඇයගේ සැමියා විදේශ රැකියාවක නිරතව සිටින බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. 



මීට පෙර පළ කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/M1rWOZ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories