නිදහස් සන්ධානයේ හූව මොනරාගලටත් #GenElecSL

Friday, 31 July 2015 - 13:18

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%96%E0%B7%80+%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%23GenElecSL
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනහමුවලදී එහි ඇතැම් මන්ත්‍රීවරුන් මේ දිනවල අනපේක්ෂිත සිද්ධීන්වලට මුහුණදීමට සිදුව තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මොනරාගල ප්‍රාදේශීය ක්‍රීඩාංගනයේ ඊයේ (30) පැවති රැස්වීමකදී මෙවැනි සිදුවීමකට මුහුණදීමට සිදුවූයේ වත්මන් ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන විජිත් විජයමුනි සොයිසාට සහ ජගත් පුෂ්පකුමාරටයි. ඔවුන් වේදිකාවේ කතා කරමින් සිටියදී යම් කිසි පිරිසක් හූ කියමින් එම කතාවට බාධා කිරීම එම සිදුවීමයි. අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා සිය කතාව සිදුකරද්දී, රැස්ව සිටි පිරිසක් හූ කියමින් කතාවට බාධා සිදුකළ අතර ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ කවියකින්.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඔහුගෙන් විමසීමක් කළ අතර තමන්ට ආදරය කරන පිරිසක් මෙලෙස හූ කී බව අමාත්‍යවරයා සඳහන් කළා. මේ පිළිබදව අප අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගෙන් කරුණු විමසා සිටියා. ඔහු කියා සිටියේ පුද්ගලයින් කිහිපදෙනෙකු තමන්ට හූ කීව ද ඉන් තමන් අපහසුතාවයට පත් නොවූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories