තිස්සමහාරාම - ඇල්ලේගල ප්‍රදේශයේදී කාන්තාවක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයෙකු ගෙළ වැලළාගෙන සිය දිවි නසාගෙන තිබෙනවා. අදාළ සැකකරු ඝාතනයට ලක්වූ කාන්තාවගේ මාමා කෙනෙකු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා. මිය ගිය කාන්තාව 27 හැවිරිදි වියේ පසුවන අතර ඝාතනය සිදුකර දිවි නසා ගත් පුද්ගලයා 66 හැවිරිදි අයෙක්. කාන්තාවගේ නිවස ආසන්නයේ ගසක එල්ලී ඔහු දිවි නසාගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ. කාන්තාවට අතවර කිරීමට උත්සාහ කර ඇති සැකකරු ඇය, කෑගැසීම නිසා කලබලයට පත්ව මෙම ඝාතනය සිදුකර ඇති බවත්, පසුව දිවි නසාගෙන ඇති බවත්, මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
Follow US
Most Viewed Stories