Update: හිටපු නියෝජ්‍ය ඇමති ලක්‍ෂ්මන් වසන්ත 6 දක්වා රිමාන්ඩ්

Monday, 03 August 2015 - 8:01

Update%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+6+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මාතලේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිදහස් සන්ධාන අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා. ඒ, ඔහු අද පෙරවරුවේ මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි. ජූලි මස 26 වනදා මාතලේ නගරයේදී සිදුවූ මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා අද උදෑසන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.  



Update: Monday, 03 August 2015 - 8:01
.....................................................................

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා පොලිස් අත්අඩංගුවට

මාතලේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ පසුගිය 26 වනදා මාතලේ නගරයේදී සිදුවූ පහරදීමේ සිද්ධියකට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා පොලීසියට අවශ්‍යව සිටි බවයි. ඔහු අද දිනයේ මාතලේ පොලිස් ස්ථානය වෙත භාරවී ඇති අතර, ඒ අනුව අත්අඩංගුවට ගත් ඔහු අද දින මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිව්දෙනෙකු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 12 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories