මෝසම් වැසි ආපදාවලින් ඉන්දියාවේ 100 දෙනෙකු මරුට

Monday, 03 August 2015 - 19:55

%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+100+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දැන් පවතින දැඩි මෝසම් වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ආපදා නිසා පසුගිය සතියක කාලය තුළ ඉන්දියාවේ පුද්ගලයන් 100කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. දෙලක්ෂයකට අධික පිරිසක් සහන කඳවුරුවල රැකවරණය ලබන බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ. බටහිර බෙංගාල ප්‍රාන්තයට ඇති වූ කෝමෙන් සුළි සුළඟ හේතුවෙන් ද ජල ගැලීම් තත්ත්වය උග්‍ර වී තිබෙනවා. එහි ගම්මාන 10,000ක් පමණ ජල ගැල්මෙන් පීඩාවට පත්වී ඇති බව සදහන්. බටහිර බෙංගාලයට අමතරව ඔඞීෂා සහ මනිපූර් ප්‍රාන්තවලට ද සුළි සුළඟ බලපෑ අතර, ජම්මු හා කාශ්මීරයේ ද ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව සඳහන්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories