උසස් පෙළ විභාගය අද ඇරඹේ

Tuesday, 04 August 2015 - 7:40

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ මධ්‍යස්ථාන 2180කදී විභාගය පැවැත්වීම සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 309,069 ක් පෙනී සිටින අතර ඉන් 236,072ක් පාසල් අයදුම්කරුවන්. විභාගයේ පරිපාලන කටයුතු සඳහා දිවයින පුරා 22,000ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උදෑසන 8.30ට විභාගය ආරම්භ වන අතර, උදෑසන 8ට පෙර සියලූම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතුයි.

විභාග ප්‍රවේශ පත්‍රය, ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් විභාගයට පෙනී සිටීම සඳහා අනිවාර්ය විය යුතු වනවා.

මේ අතර, විභාගය සම්බන්ධයෙන් විමසීම් කිරීමට සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 1911 යන ක්ෂණික දුරකතන ඇමතුම් අංකයට හෝ 0112 48 42 08, 0112 78 45 37, 0113 188 350 යන අංක ඇමතීමෙන් අදාළ තොරතුරු විමසීම හෝ පැමිණිලි ඉදිරිපත් කිරීම සිදුකළ හැකියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories