තැපැල් ඡන්දයේදී මැතිවරණ නීති කැඩූ 7 දෙනෙක් පුනරීන් සහ කුරුණෑගලින් අත්අඩංගුවට #GenElecSL

Tuesday, 04 August 2015 - 7:46

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%23GenElecSL
පුනරීන් - නල්ලූර් පාසල ඉදිරිපිට දී තැපැල් ඡන්දය පැවැත්වෙන අතරතුර දී දෙමළ ජාතික සන්ධානයේ අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර, ඊයේ (03) කුරුණෑගල වයඹ පළාත් සභා සංකීර්ණය තුළ දී එක්සත් ජාතික පක්ෂයේ අත්පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු සහ එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මේ අතර ඊයේ දිනයේ තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ පොලිස් සහ අධ්‍යාපන සේවයේ නිලධාරීන්ට මේ මස 8 වනදා ද තමන් දැනට රාජකාරියේ නිරත වන දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය භාවිතා කළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. ඒ, තමන් දැනට රාජකාරියේ නිරතවන දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරිවරයා වෙත තම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන්.

අනෙකුත් රජයේ සේවකයන් සඳහා මේ මස 5 සහ 6 යන දිනයන්හිදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතිනවා. එමෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ  මේ මස 8 වනදායි. මෙවර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රජයේ සේවකයින් 567,291ක් සුදුසුකම් ලබා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories