විපක්ෂයෙන් ආණ්ඩුවට වස බෝතල් #GenElecSL

Tuesday, 04 August 2015 - 12:43

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%23GenElecSL
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විශාල වශයෙන් එක්සත් ජාතික පක්ෂය වටා රොක් වෙමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයාගේ කුලියාපිටියේ පිහිටි කාර්යාලයේ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය අද කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවට ඔවුන් වස බව හඳුන්වමින් බෝතල් කිහිපයක් රැගෙන විත් තිබුණා. ඒවා ආණ්ඩු පක්ෂයේ සොරකම් කළ පුද්ගලයන්ට ලබාදීමට රැගෙන ආ බවයි ඊට සහභාගි වූ හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ. එහිදී ඔහු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අග්‍රාමාත්‍යවරයා සමඟ ගිවිසුමක් අත්සන් කරන අවස්ථාවේදී කළ ප්‍රකාශයක් ද සිහිපත් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories