ආර්ථිකයට ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි - අගමැති

Tuesday, 04 August 2015 - 12:56

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
මෙරට අපනයන ආදායම් ඉහළ නැංවීමට නම්, පෞද්ගලික අංශයේ ආකල්පමය වෙනසක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ දී අද (04) ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මීළඟ වටයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඒ සඳහා පදනම වනු ඇති බවයි. මෙවර ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ක්‍රියාත්මක වන්නේ තිරසාරභාවය පදනම් කර ගත් අපනයන වර්ධනය යන තේමාව යටතේයි. එහිදී අග්‍රාමාත්‍යවරයා දැක්වූයේ මෙවන් අදහසක්.                      

"ඉදිරි 5 වසර තුළ රැකියා දස ලක්ෂයක් බිහි කිරීම අපේ ඉලක්කයයි. එහිදී ඉහළ ආදායමක් ලැබෙන රැකියා සහ ස්වයං රැකියා බිහි කිරීමට අපේක්ෂා කෙරෙනවා. ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවිය යුතුයි. අප අඩු - මැදි ආදායම් රටක් ලෙස බොහෝ කලක් නතර වී සිටින සෙයක් පෙනී යනවා. ඩොලර් බිලියන 6ක අපනයනය ඉහළ නැංවීමට නම්, තිරසාර සංවර්ධනය පදනම් කරගත් ඉතා තරඟකාරී සමාජ ආර්ථික වෙළඳපළක් ගොඩ නැංවිය යුතුයි. බිලියන 50ක අපනයන ආදායම් ඉලක්කය එක රැයකින් උදාවේ යැයි සිතිය නොහැකියි. ඒ සඳහා මුලින්ම අපේ පෞද්ගලික අංශයේ ආකල්ප වෙනස් විය යුතුයි. ජනතාව රැකියා අවස්ථා සහ සමාජ සුරක්ෂිතතාව අපේක්ෂා කරනවා. ඒ සඳහා මීළඟ වටයේ ප්‍රතිසංස්කරණ දාමය සිදුකළ යුතුමයි."


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories