පංචවිධ ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු මහනාහිමියන්ට

Tuesday, 04 August 2015 - 13:14

%E0%B6%B4%E0%B6%82%E0%B6%A0%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
මහමැතිවරණය වෙනුවෙන් එළිදැක්වූ එක්සත් ජාතික පෙරමුණේ පංචවිධ ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු මහනාහිමියන් වෙත පිළිගැන්වීම අද (04) පෙරවරුවේ සිදුවුණා. ඒ, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ සහභාගීත්වයෙන් මල්වතු මහා විහාරයේදීයි. මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ යහපාලනය සඳහා වන රජයේ කැප වීම මැතිවරණ ව්‍යාපාරය තුළින් පෙන්නුම් කර ඇති බවයි.

මේ අතර, තම පාක්ෂිකයන්ට හිරිහැර කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය මැතිවරණයේ ජයග්‍රහණය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දඹුල්ලේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories