තැපැල් ඡන්ද විමසීමේ දෙවන අදියර අද ඇරඹේ #GenElecSL

Wednesday, 05 August 2015 - 7:44

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%23GenElecSL
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දෙවන අදියරේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද (05) සහ හෙට (06) යන දෙදින තුළ පැවැත්වෙනවා. පොලිස් සහ අධ්‍යාපන සේවයේ නිලධාරීන්ට හැර සෙසු රාජ්‍ය සේවකයින්ට මෙම දින දෙක තුළ තැපැල් ඡන්දය භාවිත කළ හැකි බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කළේ.

තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පසුගිය සඳුදා ආරම්භ වූයේ  පොලිස් නිලධාරීන් කලාප සහ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල නිලධාරීන් මෙන්ම සියලූම ගුරුවරුන් සඳහායි. සඳුදා ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ පොලිස් සහ අධ්‍යාපන සේවයේ නිලධාරීන්ට තමන් දැනට රාජකාරියේ නිරත වන දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීවරයා වෙත තම නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 8 වනදා තැපැල් ඡන්දය භාවිතා කිරීමට හැකි වනවා. එමෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ  මේ මස 8 වනදායි.

මෙවර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රජයේ සේවකයින් 567,291 ක් සුදුසුකම් ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories