Update: ලාංකික කාන්තාවක් අලෙවි කරන බවට පළ වූ සෞදි දැන්වීම ගැන පරීක්ෂණ

Wednesday, 05 August 2015 - 8:05

Update%3A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් අලෙවි කිරීමට ඇති බවට සෞදි පුවත්පතක සහ වෙබ් අඩවි කිහිපයක පළ වූ දැන්වීම පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය දා සෞදි මාධ්‍ය කිහිපයක වාර්තා කර තිබුණේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් රියාල් 25,000ක මුදලකට ගැනුම්කරුවෙකුට ගෘහ සේවිකා වෘත්තිය සඳහා අලෙවි කිරීමට ඇති බවයි. සෞදි අරාබියේ හාම්පුතෙකු විසින් මෙම දැන්වීම පළ කර තිබුණා. ප්‍රධාන වශයෙන් මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණේ සෞදි එමිරේට්ස් ටූ ෆෝ සෙවන් වෙබ් අඩවියේ සහ සාබ්ක් නම් වූ සෞදි පුවත්පතයි.  

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ශ්‍රමික හුවමාරුව සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන ගිවිසුම් ප්‍රකාරව ගෘහ සේවිකා වෘත්තියට කාන්තාවන් යවනු ලබන්නේ වසර දෙකක කාලසීමාවක් සඳහා පමණයි. එම වසර දෙක ඉක්ම වීමෙන් පසු සේව්‍ය පාර්ශවය ගුවන් ටිකට්පත් ඇතුළු අනෙකුත් පහසුකම් සලසා ඇය නැවත ශ්‍රී ලංකාවට එවිය යුතුයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඇතුළු මැද පෙරදිගට ගෘහ සේවිකාවන්ගේ සේවය සපයන රටවල් රැසක් එය සීමා කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා. පවතින තත්ත්වය තුළ සෞදි අරාබියේ ඇතැම් සේව්‍ය පාර්ශවයන් ගෘහ සේවිකාවන් සොයා ගැනීම පිළිබදව අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව සදහන්. ඒ හේතුවෙන් වසර දෙකක කාලය ඉක්ම වූ ගෘහ සේවිකාවන් නැවත මෙරටට නොඑවා වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ. මෙය ශ්‍රමික හුවමාරුව පිළිබද නීතිරීති උල්ලංගණය කිරීමක් බව ද එම කාර්යාංශය පෙන්වා දෙනවා.

සෞදි අරාබි පුවත්පතක සහ වෙබ් අඩවි කිහිපයක වාර්තා වී තිබූ ඉහත දැන්වීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද දිනයේ විදේශ අමාත්‍යාංශය ද දැනුවත් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් සවිස්තර වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ ප්‍රධානී මංගල රන්දෙනිය ප්‍රකාශ කළේ.


Update : Wednesday, 05 August 2015 - 8:05
..............................................................................

ලාංකික කාන්තාවක් සෞදි වෙබ් අඩවියක අලෙවි කරයි

සෞදි සේවා යෝජකයෙකු විසින් සිය නිවසේ සේවය කරන ලාංකික ගෘහ සේවිකාවක් අලෙවි කිරීම සඳහා  එරට තුල ක්‍රියාත්මක වන වෙන්දේසි වෙබ් අඩවියක දැන්වීමක් පල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු විසින් පල කර ඇති වෙළඳ දැන්වීමේ සිය සේවිකාව බොහෝ දක්ෂ බවත්, දරුවන් සමග මිත්‍රශීලී ලෙස කටයුතු කිරීමට හැකි බවත්, අයගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට තමුන්ට සිදුවී ඇති නමුත්  ඔහුට සෞදි රියාල් 25,000 ලබා දෙන්නෙකුට ඇයව ලබා දෙන බව මෙම වෙළෙද දැන්වීමේ පලකර තිබේ.

කොන්ත්‍රාත්තුව අවසන් වීමෙන් පසු තම මව් රට බලා යාමට පෙර තව වසරක කාලයක් සේවයෙහි යෙදීමට ඇයට අවශ්‍ය බව පැවසු නිසා සුදුසු හාම්පුතෙකු  සොයා තමුන් මෙලෙස දැන්වීමක් පල කල පුද්ගලයා සෞදි මාධ්‍ය වෙත පවසා ඇත.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories