දින ගණනාවක් කාමරයක සිරකර සමුහ දුෂණයට ලක් වූ කතක් තුන්වන මහලෙන් බිමට පනී

Wednesday, 05 August 2015 - 11:16

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%84+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
ඩුබායි හි නිවාස සංකීර්ණයක කාමරයක් තුළ ආසියානු ජාතික කාන්තාවක් සිරකරගෙන පුද්ගලයින් කිහිප දෙනෙක් විසින් දුෂණය කර ඇති අතර නිවාස සංකීර්ණයේ උඩු මහලෙන් එම කාන්තාව බිමට පැන සියදිවි හානි කර ගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කාන්තාව සිර කර සිටි කාමරයෙන් පලා ඇවිත් තුන්වන මහලේ සිට පැන සියදිවි හානි කරගෙන ඇත.

එම අවස්ථාවේ මෙම නිවාස සංකීර්ණයේ මුරකරු සිට ඇති අතර මොහු එම පුද්ගලයන්ට මිය ගිය මෙම කාන්තාව නැවත කාමරයට රැගෙන යාමට උදව් උපකාර කර තිබේ. ඉන් අනතුරුව ඇයව දුෂණය කළ පිරිස ඕමානයට පලා ගොස් තිබේ.

පසුව මුරකරු විසින් කාමරයක කාන්තාවක මළ සිරුරක් තිබෙන බවට පොලිසියට දැනුම් දී ඇති අතර ප්‍රශ්න කිරීම් වලදී පොලිසිය සැකපිට මුරකරු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව වැඩි දුර ප්‍රශ්න කිරීම් වලදී මුරකරු විසින් මෙම අපරාධය පිළිබඳ සියළුම විස්තර අනාවරණය කර තිබේ.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම ස්ත්‍රිය පහළට පැනීමෙන් පසු වැරදිකරුවන් ඔවුන්ට උපකාර කරන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇති බවත් ඉන් පසුව ඔවුන් ආපසු ගෙදරට ශරීරය ගෙනැවිත් රටින් පලා ගිය බවයි.

මේ අනුව සියලු තොරතුරු අනාවරණය කරගත් ඩුබායි පොලිසිය විසින් ඕමානයට පලාගිය අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නැවත සිය රටට ගෙන ඒමට සමත් වී තිබේ.

මෙම සිදුවීමේ ප්‍රධාන චූදිතයා නීති විරෝධී ලෙස එක්සත් අරාබි එමීර් රාජ්යයේ රැඳී සිටි බවට සොයාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories