නව රජයේ ඇමතිකම් ගන්නේ නැහැ - TNA

Wednesday, 05 August 2015 - 12:50

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+TNA
අලූතින් පත් වන රජයේ අමාත්‍ය ධුර ලබා ගැනීමට කිසිඳු අපේක්ෂාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. තමන්ට අවශ්‍ය වන්නේ උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සහ දෙමළ ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් බවයි එම පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කළේ.

උතුරේ අර්බුදයට විසඳුමක් ලෙස ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදෙන තුරු නව රජයේ අමාත්‍ය ධුර හෝ වරප්‍රසාද ලබා නොගන්නා බවට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ යැයි පුවත්පත් වාර්තා පළව තිබුණා. ඒ, එහි නායක ආර්. සම්බන්ධන් උපුටා දක්වමින්. ඒ අනුව හිරු ප්‍රවෘත්ති අංශය දෙමළ සන්ධානයේ මහලේකම්වරයා මෙන්ම එහි ප්‍රධානතම හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාගෙන් මේ පිළිබඳව කරුණු විමසුවා. එම විමසීමට පිළිතුරු දෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයාට අනුව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂාව දෙමළ ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබා ගැනීමයි. එසේම අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් සහ ආරක්ෂක හේතූන් මත බන්ධනාගාරගතව සිටින පිරිස් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ද ඔවුන්ට ස්ථීර විසඳුමක් අවශ්‍ය වනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ දෙමළ ජාතික සන්ධානයේ මහලේකම් මාවෙයි සේනාධිරාජා පළ කළේ මෙවන් අදහසක්.

‘‘අපට කිසිම අවශ්‍යතාවක් නැහැ අලූත් රජයේ ඇමති ධුර ලබා ගන්න. මොකද අපේ අවශ්‍යතාව උතුරේ දෙමළ ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක්. ඒ සඳහා උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම අවශ්‍යයි. ඒ වගේම අවතැන් වූ ජනතාව ඔවුන්ගේ මුල් ගම්බිම් වලම පදිංචි කරන්න  ඕන. ඒ ජනතාවගේ ඉඩම් ගැටළු තවම විසදිලා නැහැ. විශාල පිරිසක් විවිධ හේතූන් මත බන්ධනාගාරවල රදවා සිටිනවා. ඔවුන් නිදහස් කර ගැනීමත් අපට අත්‍යවශ්‍යයි. අපි පෙනී සිටින්නේ එම අවශ්‍යතා වෙනුවෙන්. ’’


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories