සන්ධාන ආධාරකරුවන් පිරිසකගෙන් සහකාර මැකෝගේ රාජකාරියට බාධා

Wednesday, 05 August 2015 - 12:56

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%9D%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
කාන්තන්කුඩි ප්‍රදේශයේ දී මඩකලපුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරීවලට බාධා කළ නිදහස් සන්ධාන ආධාරකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු විසින් ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයක කාන්තා සමුළුවක් පවත්වා ඇත්තේ ඊයේ දහවල්. මොහු පැමිණ සිටි පිරිසට ඔහුගේ නම, අංකය සහ සලකුණ සහිත ද්‍රව්‍ය පාර්සල් බෙදා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ. මැතිවරණ නීති උල්ලංගණය කරමින් සිදුවන මෙම කටයුත්ත පිළිබඳව මඩකලපුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ද දැන ගන්නට ලැබී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කාන්තන්කුඩි පොලිස් නිලධාරීන්ද සමඟ එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී අදාල අපේක්ෂකයාගේ ආධාරකරුවන් පිරිසක් කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ.

මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දෙවන අදියරේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වෙනවා. උදෑසන ආරම්භ කෙරුණු තැපැල් ජන්ද විමසීමේ කටයුතු සාමකාමීව සිදුවන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ.                   

තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පසුගිය සඳුදා ආරම්භ වූයේ පොලිස් නිලධාරීන් කලාප සහ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල නිලධාරීන් මෙන්ම සියලූම ගුරුවරුන් සඳහායි. සඳුදා ඡුන්දය භාවිත කිරීමට නොහැකි වූ පොලිස් සහ අධ්‍යාපන සේවයේ නිලධාරීන්ට මේ මස 8 වනදා ද, තැපැල් ඡන්දය භාවිතා කිරීමට හැකි වනවා. එමෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ  මේ මස 8 වනදායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories