මහින්දට, අනුරට, සුසිල්ට ලංගමයෙන් නඩු

Wednesday, 05 August 2015 - 13:03

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%2C+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
හිටපු ජනාධිපතිට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට, සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්තට සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ට එරෙහිව ශ්‍රී ලංගමය නඩු පවරා තිබෙනවා. ඒ, පසුගිය ජනාධිපතිවරණයේදී බස් රථ භාවිතා කර , ඒ සඳහා අය විය යුතු ලක්ෂ 1425ක මුදලක් නොගෙවීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංගමයේ නීති අංශය විසින් වාණිජ සිවිල් මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබෙනවා.

ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංගම බස් රථ භාවිත කර මුදල් නොගෙවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ, ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. එහිදී අමාත්‍යවරයාගේ කැබිනට් යෝජනාවේ සදහන් වුණේ ශ්‍රී ලංගම බස් රථ සඳහා ගෙවිය යුතු මුළු මුදලින් සන්ධානය ගෙවා ඇත්තේ මිලියන 50ක අත්තිකාරම් මුදලක් පමණක් බවයි. ඉතිරි මුදල වූ රුපියල් ලක්ෂ 1425ක මුදල අය කර ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහලේකම්වරයා වෙත බිල්පත් යවා ඇති නමුත්, එම මුදල නොගෙවා ඇති බවයි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සදහන් කර තිබුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories