ජගත් සංවිධානයෙන් ශ්‍රී ලංකාවට දෙන ප්‍රතිපාදන වැඩි කෙරේ

Thursday, 06 August 2015 - 19:11

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා ජගත් සංවිධානය ලබාදෙන ප්‍රතිපාදන ඉහළ නැංවීමට තීරණය කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පවසනවා. නිව්යෝක් හි ජගත් සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ මූල්‍ය හා තාක්ෂණික යන අංශ දෙකෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ප්‍රතිපාදන ඉහළ නැංවීම තුළින් සාමය ස්ථාපිත කිරීම සාර්ථක වනු ඇති බවයි. එම ලබාදෙන ප්‍රතිපාදන යෙදවීම සඳහා විශේෂ අරමුදලක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද එහිදී ඔහු සඳහන් කර තිබෙනවා. ජනවර්ග අතර සංහිඳියාව ගොඩනැංවීම, නැවත පදිංචි කිරීමේ කටයුතු සහ නීතිය ශක්තිමත් කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍රයන් හරහා එම අරමුදල ක්‍රියාත්මක වන බවයි ජගත් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories