ඌවපරණගම බාබර් සාප්පුවකින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 188ක් මතුවෙයි #GenElecSL

Friday, 07 August 2015 - 9:49

%E0%B6%8C%E0%B7%80%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+188%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92++%23GenElecSL
බදුල්ල - ඌවපරණගම - හපුතලේවෙල, ලකීලෑන්ඞ්වත්ත ප්‍රදේශයේ බාබර් සාප්පුවක තිබී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 188 ක් සහ අපේක්ෂක නම් ලැයිස්තු 36 ක් සමග  සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (06) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක පුද්ගලයෙක්..

උඩුපුස්සැල්ලාව තැපැල් කාර්යාලයෙන් මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාදීම සඳහා ප්‍රදේශයේ ලිපිකරුට භාර දී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය තැපැල්පති රෝහණ අබේරත්නගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම සිද්ධියේදී තැපැල් දෙපාර්තමේන්තුවේ වරදක් නොමැති බවයි. තැපැල්කරු නියමිත ලෙස මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ පුද්ගලයින්ට බෙදා ඇති බවද තැපැල්පතිවරයා සඳහන් කළා. ඔහු තවදුරටත් කියා සිටියේ තැපැල්කරු විසින් ලබාදුන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ පුද්ගලයින් විසින් ආරක්ෂාව සඳහා මෙම බාබර් සාප්පුවේ තබා ඇති බවයි.

Update : Friday, 07 August 2015 - 12:40
------------------------------------------------

නිල ඡන්ද පත්‍රිකා 188ක් ඌවපරණගමින් අල්ලයි

ඌවපරණගම - හපුතලේවෙල - ලකීලෑන්ඞ් වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී මෙවර මහමැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 188 ක් සහ අපේක්ෂක නම් ලැයිස්තු 36 ක් සොයාගෙන තිබෙනවා. අදාළ ස්ථානයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඇති බවට බදුල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබුණු තොරතුරකට අනුවයි ඌවපරණගම පොලිසිය මගින් එම විමර්ශනය ආරම්භ කළේ.

ඒ අනුව එම නිල ඡන්ද පත්‍රිකා සමග 37 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories