ජල සම්පත විකිණීමේ යෝජනාවක් නැහැ

Friday, 07 August 2015 - 18:44

%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ජලය පෞද්ගලීකරණය කිරීමේ කිසිදු වුවමනාවක් රජයට නොමැති බව නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා. ලේකම්වරයා මේ බව සඳහන් කළේ ජලය පෞද්ගලීකරණය කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලය අවසර ලබාදී ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන් මේ දිනවල සිදුකරන ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින්. කොළඹ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා ද මෙවැනි චෝදනාවක් එල්ල කළ අතර, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ඔහු සදහන් කළා.

කෙසේ වෙතත්, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ මෙවැනි චෝදනා පදනම් විරහිත බවයි. ජල සංරක්ෂණ කොමිසමක් පිහිටුවීම සඳහා යෝජනාවක් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බවයි ඔහු කියා සිටියේ. එහෙත් ඒ සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තාවක් ලබා ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය දැනුම් දී ඇති අතර, කමිටුවක් මගින් එම කටයුතු මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව ලේකම්වරයා සඳහන් කළා.  

වත්මන් රජය ජලය පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පසුගිය දා මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කර තිබුණා. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්දැයි ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් විමසූ අතර, ඔහු කියා සිටියේ එම චෝදනාව අසත්‍යයක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories