බැට්මෑන් චිත්‍රපට දර්ශනයට වෙඩි තබා 12 දෙනෙකු ඝාතනය කළ ඇමරිකානුවාට දිවි ඇති තෙක් සිර දඬුවම්

Saturday, 08 August 2015 - 8:35

%E0%B6%B6%E0%B7%90%E0%B6%A7%E0%B7%8A%E0%B6%B8%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
2012 වසරේ ජුලි 20 වන දා ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සිනමාහලකට කඩා වැදී ඉවක් බවක් නොමැතිව වෙඩි තබා පුද්ගලයන් 12 දෙනෙකු ඝාතනය කළ ජේම්ස් හෝම්ස්ට ඊයේ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුණා. ඔහු ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ සිනමාහල තුළ ප්‍රදර්ශනය වූයේ එවකට නවතම බැට්මෑන් චිත්‍රපටය වූ ‘‘ද ඩාක් නයිට් රයිසස්’’ චිත්‍රපටයයි. රයිෆලයක් ඇතුළු ගිනි අවි 3ක් අතැතිව සිනමාහලට කඩා වැදුණු ඔහු වෙඩි තබමින් දුම් බෝම්බ එල්ල කර තිබුණේ පළා යන පිරිස් ඉලක්ක කර ගැනීමටයි.

ඊයේ කොලරාඩෝ අධිකරණයේදී ජේම්ස් හෝම්ස්ට එරෙහිව මරණ දඬුවම පැනවීමට ජුරියේ එකඟත්වයක් පැවතී නැහැ. ඔහු ඝාතනය සිදුකරන අවස්ථාවේ මානසික අවපීඩනයකින් සිටි බව හෙළිදරව්වීම ඊට හේතුවයි. එහෙත් තමා අල්ලා ගැනීමට නොහැකි වන ලෙස නිවස වටා මරුවැල් යෙදීම වැනි දිගුකාලීන සැලසුමක් මෙම ඝාතනය සඳහා මොහු යොදාගෙන ඇති බව අධිකරණයේදී හෙළිදරව් වුණා. මේ නිසා ඔහු වෙත මරණ දඬුවම නියම කෙරුණේ දඩුවම් කාලය අතරතුර සමාව ඉල්ලා සිටිය නොහැකි අයුරින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories