කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගන්නැයි ජයලලිතාගෙන් මෝදිට සංදේශයක්

Saturday, 08 August 2015 - 13:50

%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරාගෙන තමිල්නාඩු ධීවරයන්ගේ මසුන් මැරීමේ අයිතිය තහවුරු කරන්නැයි තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජයලලිතාගේ චෙන්නායි හි පිහිටි පොයෙස් ගාඞ්න් මැදුර වෙත ඊයේ (07) ගොස් ඇති අතර ඇය සමඟ දිවා භෝජනයට ද සහභාගි වුණා. එහිදී ජයලලිතා ශ්‍රී ලංකාවට බලපාන කරුණු රැසක් ඇතුළත් සංදේශයක් අග්‍රාමාත්‍ය මෝදි වෙත ලබාදී ඇති බව සදහන්. ඔවුන් දෙදෙනා අතර පැයකට ආසන්න කාලයක් සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදුන් සංදේශය මගින් පෙන්වා දී ඇත්තේ තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටා ඇති අක්කර 285කින් යුත් කච්චතිව් දූපත තමිල්නාඩුවට අයත් බවට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි. කච්චතිව් දූපත කේන්ද්‍ර කරගෙන තමිල්නාඩු ධීවරයන්ගේ සාම්ප්‍රදායික මාළු අයින් පිහිටා ඇති බවත් ඇය සඳහන් කළා. 1974 සහ 1976 වසර වලදී ඇති කර ගත් ගිවිසුම්වලින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමිවීමත් සමඟ තමිල්නාඩු ධීවරයන්ගේ අයිතීන් උල්ලංගණය වී ඇති බව ජයලලිතා සිය සංදේශය මගින් පෙන්වා දී තිබෙනවා.

කච්චතිව් දූපත ඉන්දියාවට නැවත පවරා ගන්නා ලෙස 1991 වසරේදී තමිල්නාඩු ප්‍රාන්ත රජය යෝජනාවක් ද සම්මත කර ගත්තා. ඒ සම්බන්ධයෙන් තමිල්නාඩු රජය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ද ගොනු කළ අතර එහිදී ඉන්දීය මධ්‍යම රජයේ මතය විමසනු ලැබුවා. ඒ අනුව පසුගිය කොංග්‍රස් රජයේ තීරණය වූයේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමිවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් බලපෑමක් සිදුකළ නොහැකි බවයි. කෙසේ නමුත්, තමිල්නාඩු මහඇමතිනිය ඉල්ලා සිටින්නේ කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග ඇති කර ගත් ගිවිසුම් අවලංගු කර දූපත නැවත ඉන්දියාවට පවරා ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ස්වයං පාලනයක් ලබා ගැනීම සඳහා ඉවහල් වන බලය බෙදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට මැදිහත් වන්නැයි ද තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් බලය බෙදීමේ ක්‍රියාවලිය සිදුවිය යුතු බව පැවසූ ජයලලිතා කියා සිටියේ ඒ තුළින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ස්වයං පාලනයක් ලබා ගත හැකි වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories