කොටහේන වෙඩි තැබීමට පැමිණී කාරය හඳුනාගනී - සැකකරුවෙක් කොටු

Saturday, 08 August 2015 - 15:18

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%84%E0%B7%9A%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94
පසුගිය ජුලි 31 වනදා කොටහේන බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. වෙඩි තැබීමේ සිද්ධියෙන් කාන්තාවක සහ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වු අතර, තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා.

වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි හයිබ්‍රිඩ්  වර්ගයේ කළු පැහැති මෝටර් රථය දැන් හඳුනාගෙන තිබෙනවා. එහි අංකය සහ ඡායාරූපයක්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මගින් අද (08) ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

මේ අතර, පසුගිය 06 වනදා අලූත්කඩේ  උසාවිය ඉදිරිපිට මාර්ගයේදී විදානගමගේ අමිල නැමැති 28 හැවිරිදි පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.




පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අද (08) හෙළිකළ තවත් තොරතුරු පහතින්.. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories