Update: මාර්ග 72කට වේග සීමා මෙන්න - 11න් පස්සේ නඩු

Saturday, 08 August 2015 - 16:20

Update%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+72%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+11%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A++%E0%B6%B1%E0%B6%A9%E0%B7%94


11න් පස්සේ  හයියෙන් ගියොත් දඩ

මේ මස 11 වනදා සිට ප්‍රධාන මාර්ග 72 ක අධිවේග ධාවනය සම්බන්ධයෙන් රථවාහනවලට නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ මාර්ග 72හි වේග සීමා පුවරු සවි කිරීම මේ වනවිට අවසන් කර ඇති බවයි.

මාර්ගවල නිසි පරිදි වේග සීමා පුවරු සවි කරනතෙක් වේග සීමා නඩු පැවරීමක් සිදුනොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝග කර තිබුණා. ඒ අනුව, දැනට අධිවේග නඩු පැවරීමක් සිදුවන්නේ නැහැ.

කෙසේ වෙතත් අධිකරණයේ නියමය පරිදි මාර්ග 72ක වේග සීමා පුවරු සවිකර අවසන් වීම හේතුවෙන් මෙලෙස ලබන 11වනදා සිට වේග සීමා උල්ලංඝනය කරන රථවාහන වලට නඩු පැවරීමට තීරණය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පසුගිය කාලසීමාව තුළ සිදුවූ මාරක රිය අනතුරු සංඛ්‍යාව ඉහළ යාම ද මෙම තීරණය ගැනීමට හේතුවක්.

ඒ අනුව, මෙම මාර්ග, A  පන්තිය, AB  පන්තිය, B පන්තිය ලෙස වර්ග කර තිබෙනවා.

 පේරාදෙණිය සිට පුස්සැල්ලාව  දක්වා මාර්ගය, දෙහිඕවිට සහ යටියන්තොට දක්වා මාර්ගය, පානදුර සිට ඉංගිරිය දක්වා මාර්ගය, හබරණ  සිට පොළොන්නරුව දක්වා මාර්ගය, නොච්චියාගම සිට මිහින්තලය දක්වා මාර්ගය, ගල්කුලම හරහා අනුරාධපුරය මාර්ගය, පැල්මඩුල්ල සිට ඇඹිලිපිටිය මාර්ගය, ඇතුළු මාර්ග 16 ක් ‘‘A ’’ වර්ගීකරණයට ඇතුළත්.

ගම්පොල සිට නාවලපිටිය මාර්ගය, මාතලේ සිට උඩුපිහිල්ල මාර්ගය, මහියංගනය - දිඹුලාගල මාර්ගය ඇතුළු මාර්ග 5 ක් ‘‘AB ’’ වර්ගීකරණයට ඇතුළත්.

 මහනුවර, බදුල්ල, තංගල්ල,මොනරාගල, රත්නපුර, ගිරාඳුරුකෝට්ටේ  ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක මාර්ග 51 ක් ‘‘B ’’ වර්ගීකරණයට අයත් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඉහත මාර්ග 72හි ග්‍රාමීය ප්‍රදේශවල ලොරි රථ සඳහා පැයට කිලෝමීටර් 60ක උපරිම වේගයක් දක්වා තිබෙනවා.

මෝටර් ට්‍රයිසිකල් සහ මෝටර් ට්‍රයිසිකල් වෑන් සඳහා පනවා ඇති වේග සීමාව පැයට කිලෝමීටර් 40 ක්.

ඉහත මාර්ග 72ට ඇතුළත් ග්‍රාමීය ප්‍රදේශවල අනෙකුත් සියලූ වාහන සඳහා වේග සීමාවන් දක්වා ඇත්තේ පැයට කිලෝමීටර් 70 ක් ලෙසයි.

මීට අමතරව, නාගරික ප්‍රදේශවල මෝටර් ට්‍රයිසිකල් , මෝටර් ට්‍රයිසිකල් වෑන් සහ කන්ටේනර් වැනි විශේෂ වාහන සඳහා පනවා ඇති වේග සීමාව පැයට කිලෝමීටර් 40ක්.

අනෙකුත් වාහන සඳහා පැයට කිලෝමීටර් 50ක වේග සීමාවක් පනවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories