"පක්ෂයේ සභාපතිකම ගන්න සූදානම් නෑ" #GenElecSL

Saturday, 08 August 2015 - 20:20

%22%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1++%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91%22++%23GenElecSL
තමාට නැවත වරක් නිදහස් පක්ෂයේ සභාපතිධුරය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මීගමුවේදී ඊයේ (07) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සදහන් කළා.


"නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා ජනාධිපතිවරයා වුණාම මම මේ පක්ෂයේ සභාපතිකම දුන්නා.. මේ රටේ මිනිස්සු වෙනස් කළේ ජනාධිපතිවරයා මිසක් අගමැතිවරයා ඇතුළු කැබිනට් මන්ඩලය නෙමෙයි.. නමුත් වුණේ විනාඩි දෙකක් යන්න ඉස්සෙල්ලා පැනලා දිවුරුම් දුන්නා.. අපේ අගමැතිතුමා බලාගෙන ඉන්නවා එහේ.. එතකොට තමයි දන්නේ එතුමා අගමැතිකමෙන් පන්නලා දාලා කියලා..කොහොම කෙසේ වුණත් ඔහු අරගෙන ඉවරවෙලා කාගෙන්ද පළිගත්තේ..  නිදහස් පාක්ෂිකයන්ගෙන්.. මම මේ අවංකවම කියනවා... මේ පක්ෂයේ සභාපතිකම් ගන්න  සූදානම් නැහැ කීයටවත්.. මෛත්‍රී  ඉන්නවා එතන ජනාධිපතිකමේ ... මම පාර්ලිමේන්තුවේ....  එකට එක්කහු වෙලා තමයි මේ පාර අපි මේ සටන මෙහෙයවන්නේ..'



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories