කෝටි දෙකක කේරළ ගංජා වැල්වැටිතුරෙන් අල්ලයි

Sunday, 09 August 2015 - 9:05

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 02කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය - වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. වැල්වැටිතුරෙයි පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී  පාළු නිවසක ගබඩා කර තිබියදියි මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ.

කේරළ ගංජා තොගය මෙරටට ගෙන්වන ලද සැකකරුවන් පිළිබඳව තොරතුරු රැසක්  අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මොවුන් කාලයක් තිස්සේ ඉන්දියාවේ සිට මුහුදු මගින් කේරළ ගංජා ගෙන්වා කොළඹ ඇතුළු  විවිධ ප්‍රදේශවලට බෙදාහැර ඇති බවටයි මේ දක්වා සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories