ඉන්දු - පාකිස්ථාන ක්‍රිකට් සබඳතාවලට දේශපාලන ගැටුම් වලින් බාධා සිදුවිය යුතු නැහැ - මිස්බා උල් හක් කියයි

Sunday, 09 August 2015 - 14:53

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව සහ පාකිස්ථාන අතර ක්‍රිකට් සබඳතා යළි ආරම්භ විය යුතු අතර, ඒ සඳහා දේශපාලනමය අර්බුදවලින් බාධා සිදුනොවිය යුතු බව පාකිස්ථාන ක්‍රිකට් නායක මිස්බා උල් හක් පවසනවා. ඉන්දීය පී. ටී. අයි ප්‍රවෘත්ති සේවය සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ තම ක්‍රිකට් දිවිය නිමා කිරීමට පෙර ඉන්දියාව සමඟ ටෙස්ට් තරඟාවලියකට සහභාගි වීම පිළිබඳව සිහින මවන බවයි. පාකිස්ථාන නායක මිස්බා උල් හක් විවාහ වී සිටින්නේ ඉන්දියාවේ ටෙනිස් රැජින ලෙස සැලකෙන සානියා මිස‍්‍රා සමගයි. ඉන්දු - පාකිස්ථාන ටෙස්ට් තරඟාවලියක් මේ වසරේ දෙසැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විය යුතුයි. එහෙත් ඒ සඳහා ඉන්දීය පාර්ශවයෙන් මෙතෙක් සහතිකයක් ලබාදී නැහැ. මේ නිසා එම ටෙස්ට් තරඟාවලිය අවිනිශ්චිත වී ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. ඉන්දු - පාකිස්ථාන ටෙස්ට් තරඟාවලියක් අවසන් වරට පවත්වා ඇත්තේ 2007 වසරේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories